Home දේශිය පුවත් ගැරඬිඇල්ලේ ඛේදවාචකය යලි අලුත් වෙයි. තවත් තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.

ගැරඬිඇල්ලේ ඛේදවාචකය යලි අලුත් වෙයි. තවත් තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.

0
46

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු (14) දින උදෑසන මිය ගිය බව කොත්මලේ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙකු බවයි පොලිසිය පවසා සිටියේ.

එම බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල් වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි කොත්මලේ පොලිසිය පවසා සිටියේ.

Previous articleවෙසක් සමරන්න ගිය ඔවුන්ට අත්වුනේ හිතාගන්න බැරි ඉරණමක්… සොබාදහම මේ දවස්වල මොකද්දෝ දෙයක් කියනවා. ඒ නිසා පරිස්සමින්…
Next articleසතියෙන් ලස්සන වෙන්න අකමැති කවුද ? ඔන්න ගෙදරදීම කරගන්න පුළුවන් සහල් වතුර සත්කාරය ගැන ඔබ නොදත් කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights