Home දේශිය පුවත් සාගරයට පෙම් බැදි සරසවි සිසුවාට සාගරයෙන් අත් වූ ඛේදනීය ඉරණම

සාගරයට පෙම් බැදි සරසවි සිසුවාට සාගරයෙන් අත් වූ ඛේදනීය ඉරණම

0
55

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ කිමිදෙමින් සිටියදී ජීවිතක්ෂයට වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවා පර්යේෂණ කටයුත්තක් සඳහා එහි පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මියගොස් ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජීව හනුක විද්‍යා විෂය හැදැරූ තුන්වන වසරේ 24 හැවිරිදි සිසුවෙක්.

ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු සිය කොළඹ විශ්ව විද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඊයේ කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරයේ කිමිදීමට ගොස් ඇත්තේ මුහුදු ශාක පර්යේෂණයක් සඳහායි.

ඔවුන් ස්නෝර්කල් උපකරණ පැළඳ අදාළ පර්යේෂණය සඳහා මුහුදු පතුල නිරීක්ෂණය කරමින් සිට තිබෙනවා.

එහිදී ඔහු හදිසියේම අතුරුදන්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මිතුරන් පිරිස අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තා.

පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමේදී ඔහුගේ ස්නොක්ලින් යුගලය පමණක් හමුවූ අතර ජනිඳුගේ සිරුර මුහුදේ පතුලේ තිබී සොයා ගැනුණේ අද පෙරවරුවේයි.

මේ අතර කුරුණෑගල – මිල්ලව ප්‍රදේශයේ හෝටල් ඇතුලූ ව්‍යාපාර කිහිපයක් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සදහා පොලිස් කණ්ඩායම් 8ක් මේ වන විට යොදවා ඇති බවත් පොලිසිය සදහන් කළා.

Previous articleමේ දවස්වල මුලු රටක්ම කතා කරන එයාලා.. ඉසුරු – දේශානියි මාරම මැචින් නේද ? ආදරෙන් පිරුණු එයාලගේ ලස්සන බලන්නකෝ..
Next articleසද්ද කරන්න එපා.. එයා දොයි.. මහ දවල් නිදියන රාජ්‍ය සේවකයා.
error: Content is protected !!
Verified by MonsterInsights