Home සයුරෙන් එහා පුවත් බිහිසුණු අනතුරකින් පසු ජනප්‍රිය රංගන ශිල්පිනියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

බිහිසුණු අනතුරකින් පසු ජනප්‍රිය රංගන ශිල්පිනියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

0
695

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනියක් වූ Evangeline Lilly මීට මාස කීපයකට පෙර මුහුණ දුන් අනතුරක් හේතුවෙන් ඇගේ මොළයට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Lost,The Hobbit, Real Steel, Ant-Man, ඇතුළු ජනප්‍රිය කතා මාලා සහ චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණු ඇය මුහුදු වෙරළේ සිටි අවස්ථාවකදී එක් වරම ක්ලාන්ත වී වැටී තිබෙනවා.

මේවන විට ඇය ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, මෙම අනතුර නිසා මොළයට හාණියක් සිදුවී ඇති බැවින් දැඩි හිසරදයකින් පසුවන අතර ඒ හේතුවෙන් පසු ගිය වසරේ අවසන් මාස කීපයම විවේක ගනිමින් සිටි බවයි ඇය පවසා තිබෙන්නේ.

වෛද්‍යවරුන් ඇයට තවත් මාස කීපයක් විවේකීව ගත කරන ලෙසට උපදෙස් ලබා දී ඇති අතර මේවන විට තමන් සුව අතට පත්වෙමින් සිටින බවයි.

Previous article‘ ජීවිතයේ වැරදුනු පැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොඳම අත්දැකීම් තියෙන්නේ…’ හැමෝම ආදරේ කරන ‘ මැණික් අක්කා ‘ ෆේස්බුක් ඇවිත් කියපු හැඟීම්බර කතාව මෙන්න.
Next articleඔබත් ඉන්නේ ඇත්තටම ස්ට්‍රෙස් එකෙන්ද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights