ඉන්දීය සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායන ශිල්පිනියක ලෙස සැලකෙන ප්‍රවීණ ගායන ශිල්පිනි අශා බෝස්ලේ (Asha Bhosle) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 92 වන වියේ පසුවූවා.
හෘදයාබාධයක් සහ ශ්වසන අපහසුතා හේතුවෙන් ඇයව මුම්බායි හි රෝහලකට ඇතුළත් කළ බවයි ඉන්දීය මාධ්‍ය ඊයේ (11) වාර්තා කළේ.
එලෙස රෝහල්ගත කළ ඇය අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පුත් ආනන්ද් විසින් අද (12) ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කර තිබුණා.
එමෙන්ම ඇයගේ අවසන් කටයුතු හෙට (13) දින සිදු කිරීමට නියමිතයි.










