Home දේශිය පුවත් “විජේසෙවන” නිවසේ කිරි සිනහව මළගමකට හැරෙයි.. තවත් මවකට සිය පුතු අහිමි කළ...

“විජේසෙවන” නිවසේ කිරි සිනහව මළගමකට හැරෙයි.. තවත් මවකට සිය පුතු අහිමි කළ මරණීය අනතුරේ සංවේදී කතාව..

0
2687

බදුරලිය, පැලවත්ත ප්‍රධාන මාර්ගයේ කලුගල ප්‍රදේශයේ දීයතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ අගම්මොහොට්ටිගේ දොන් හසිදු තේමිය විජේතුංග නමැති “විජේසෙවන” බදුරලිය ලිපිනයේ පදිංචි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් (24) වැනිදා රාත්‍රී 8.30ට පමණ සිය මිතුරකු යතුරුපැදියේ පිටුපස නංවාගෙන බදුරලිය දෙස සිට කළුගල දෙසට ගමන් කර ඇති අතර අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් බදුරලිය රෝහලට ඇතුළත් කර ඇති අතර පැයක් වැනි කාලයක් ඇතුළත මෙම තරුණයා මියගොස් ඇති බව අනාවරණය වුණා.

‍මෙම තරුණයා සමග ගමන් කළ 17 හැවිරිදි තරුණයා මේ වන විට බදුරලිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය පවසනවා.

මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් රුධිරය වහනය වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව නිගමනය වී තිබුණා.

බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැදිසිංහගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන් (66106) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (97493) චන්ද්‍රසිරි යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා.

Previous article“මම ඒ කොල්ලට කැමතියි වුණත් කවදාවත් සීමාව පැන්නෙ නෑ.. මොකද මගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළා.. හොටෙල් යන්නත් යෝජනා කළේ එයාමයි.. මම බයෙන්ම ගිය ගමන එයා හැසිරුණේ පුරුදුකාරයෙක්වගේ…” – සිසුවා සමඟ පෙමින් බැඳුණු ඇගේ ඇඟ කිලිපොලා යන පාපොච්චාරණය!
Next articleපොළිය 3%යි..” – බැංකු 13ක් සූදානම්..
error: Content is protected !!
Verified by MonsterInsights