එල්මාගේ වැඩිමහල් දරුවාට මෙම සලකුණ උරුම නොවූවත්, මේ දියණිය උපතින්ම සිය මවගේ අනන්‍යතාවය රැගෙන ඒම ගැන බොහෝ දෙනෙක් පුදුමය පළ කරනවා.
සමහර වෙලාවට ජාන විද්‍යාව කියන්නේ හරියටම මැජික් එකක් වගේ. මේ අන්න ඒ වගේ තවත් එක් සිද්ධියක්. ප්‍රසිද්ධ නිවේදිකා එල්මා ගොඩ්වින්ගේ (Elma Godwin) අලුත උපන් දියණිය මේ දිනවල කාගේත් අවධානය දිනාගෙන තිබෙන්නේ ඇගේ මවගෙන් උරුම වූ සුවිශේෂී උපන් සලකුණක් නිසයි. ඒ තමයි ඇගේ හිස ඉදිරිපස පිහිටා ඇති “සුදු පැහැති කෙස් රොද”.
මොකක්ද මේ “පෝලියෝසිස්” (Poliosis)?
වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ පෝලියෝසිස් (Poliosis) යන නමිනුයි. මෙහිදී සිදුවන්නේ හිසකෙස් වල එක් කොටසක පමණක් මෙලනින් (Melanin) වර්ණකය නොමැති වීමයි. එවිට එම කොටසේ වැඩෙන හිසකෙස් ස්වභාවිකවම සුදු පැහැයක් ගනු ලබනවා.
මෙය පරම්පරාවෙන් පරම්පරාවට උරුම විය හැකි ලක්ෂණයක්. එක් දරුවෙකුට මෙය පිහිටා තවත් දරුවෙකුට නොපිහිටීමට හේතුව ජානවල ඇති ප්‍රමුඛ (Dominant) සහ නිලීන (Recessive) ස්වභාවයයි.




















