Home සයුරෙන් එහා පුවත් ලෝකෙම අවධානය ඔහු දෙසට… ඇමරිකාවේ හිටපු ජනාධිපති බයිඩන් ගැන ඇසෙන හද සසල...

ලෝකෙම අවධානය ඔහු දෙසට… ඇමරිකාවේ හිටපු ජනාධිපති බයිඩන් ගැන ඇසෙන හද සසල කරවන පුවත මෙන්න.

0
68

පිළිකාව, මේ රෝගයට වයස් බේදයක් බලපාන්නේ නැහැ..

ඒ විතරක් නෙවෙයි, ලොකු පොඩි කිසිම බේදයක් නැතුව ලෝකයේ බොහෝ රටවල ඉන්න පිරිස් මේ රෝගය නිසා පීඩාවට පත් වෙලා..

මේ කියන්නේ ජෝ බයිඩන් ගැන ඇසෙන එවැනිම සංවේදී කතාවක්.. “ඔබලාගෙන් වැඩි දෙනකු මෙන්ම මාගේ බිරිය වන ජිල් හා මම දැනගත් දෙයක් තමයි අප බිඳ වැටෙන අවස්ථාවලදී අප ශක්තිමත් විය යුතු බවයි…

ආදරය හා සහය දක්වමින් මේ මොහොතේ අපව ඉහළට ඔසවා තැබීම සම්බන්ධයෙන් ස්තුතියි..” මේ හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය පිටු වෙත එක්කර තිබූ ඒ සටහනයි.. ඒ විතරක් නෙවෙයි, “පිළිකාව අප සැමට බලපාන දෙයක්” යැයි පිළිකාවක් වැළඳී ඇති බවට නිවේදනය කිරීමෙන් පසු ලොව පුරා නන් දෙසින් තමාට ලැබුණු සහාය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර ඇති හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණා…

අසූ දෙහැවිරිදි වියෙහි පසුවන හිටපු ඇමරිකානු ජනාධිපති බයිඩන් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවත් එය ශීඝ්‍රයෙන් මේ වෙනවිට ඔහුගේ ශරීරයේ පැතිර යන බවත්, මේ වන විට විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණ කරනවා..

එසේම මේ ආරංචිය ලද විගස, ලොව පුරා සිටින රාජ්‍ය නායකයන්ගෙන් හා විවිධ තරාතිරම්වල පිරිස් වෙතින් ඔහුට සුවය පතා පණිවිඩ නිකුත් කර තිබුණා..

ඒ අතර එංගලන්තයේ චාල්ස් රජු විසින් පුද්ගලික ලිපිය සුවිශේෂී වුණා…

 

Previous articleසබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා… බුදු පදයෙන් ලොව අමතා අපි පුංචි රටට ලොකු ආඩම්බරයක් ගෙන රූ රැජින ගැන ඇසෙන කතාවක් මෙන්න.
Next articleඋපන්දින කිරිබත ආච්චිගෙන් ” ඒ විශේෂ දවස ගැන සජිත තැබූ සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights