Home තරු ගොසිප් ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,..ඔයාට පුළුවන් විදියට මට...

ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,..ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව..ඉතින් මේ ඉන්නෙ මගේ නිහඬ වීරයා…

0
930

අත් වල මඩ,කුනු,සිමෙන්ති ගාගෙන අපිව උස් මහත් කරන්න විඳපු දුක් මට තාම මතකයි තාත්තෙ…
කවදාවත් දශමයක්වත් වෙනස් නොවුනු ඒ උතුම් ආදරේට මගෙ තාත්තට ගොඩක් ස්තූතියි🙏

බලන්නකො එයාගෙ මූණෙ තියන ලස්සන ආඩම්බර සතුට🫶😃
ඔව් ඔයාගෙ දුව දැන් ගොඩක් දුර ගිහින්…….

ඒ කාලෙ මාව බයිසිකලේ තියාගෙන Km ගානක් මහන්සිය පෙන්නන්නැතුව ,සිංදු කිය කිය ,මාව හිනා ගස්ස ගස්ස විහිළු කර කර ,පැද්ද මතකයිද තාත්තෙ…🫶
ඔයාගෙ බත් එකේ ,මම ආස කරන එළවළු මාළු මට කවල , ඔයා නිකම් බත් එක කෑව මට මතකයි තාත්තෙ🫶
මම සත්තුන්ට ආස නිසා එක එක ලස්සන සත්තුගෙන් පිරුනු සත්තු වත්තක් ගෙදර හැදුව මට මතකයි තාත්තෙ🫶
මගෙ පස්සෙන් කොල්ලො එද්දි ,උන් එක්ක රංඩු කරගත්ත මට මතයි තාත්තෙ🫶
මම දිහා බලන කොල්ලොන්ට ඔයා දෙන බැල්ම අදටත් මැවිල පේනව😂
වචන වලින් ගලපල නිම කරන්න බැරි ලස්සන මතක ගොඩක් ඔයා මට ඉතුරු කරල තියනවා🥰

මඩ,කුනු,සිමෙන්ති ගාගෙන මාව උස් මහත් කරන්න,ලස්සන ජීවිතයක් දෙන්න මහන්සිවුන,කරගැට පිරුනු අත් දෙකට නිදහසක්,සනීපයක් දෙන්න මම මග බලාගෙන හිටිය🥰

දැන් ඒ අත් දෙකෙන් මම ගිහින් තියන සම්මාන දැක්කම එයාගෙ මූණෙ තියන සතුට 🤗🥰
මගෙ නිර්මාණ රස විඳිනකොට ,මාව TV එකේ දකිනකොට ඔයාගෙ මූණෙ තියන සතුට,ආඩම්බරය 🤗

රෑට TV එක ලඟින් හෙල්ලෙන්නැහැ දැන්😃
මගේ ලඟම,හොඳම ප්‍රේක්ෂකයා දැන් එයා වෙලා…….

ඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව❤️

ඔයා මම වෙනුවෙන් විඳපු දුක් කන්දරාවට
දැන් සැනසීම,සතුට,විවෙකය,නිදහස දෙන්න මම ඔයත් එක්ක ඉන්නව තාත්තෙ🫶

ඉතින් මේ ඉන්නෙ මගේ නිහඬ වීරයා…ඒ තමයි මගෙ තාත්තා❤️

 

Previous articleගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමන්න. මේ ක්‍රියාව ඔබේ පවුලේ සියලු දෙනාගේ ජිවිත ආරක්ෂා කරයි..
Next articleලොවක් වටින ක්‍රිකට් වීරයෙක් බිහිකල ලක් මාතාවට ණය නැති ක්‍රිකට් පුත්‍රයෙකුගේ පවුලකින් ඇසෙන දුක්බර ආරංචියක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights