Home දේශිය පුවත් ‘යකඩ පිච්චුනාට පස්සෙ පුළුන් හොයලා වැඩක් නෑ” – කලාවේ දශක 4ක් සම්පූර්ණ...

‘යකඩ පිච්චුනාට පස්සෙ පුළුන් හොයලා වැඩක් නෑ” – කලාවේ දශක 4ක් සම්පූර්ණ කළ කුමාර තිරිමාදුර කියන කතාව

0
83


පුංචි තිරය, රිදී තිරය, වේදිකාව යන සියල්ලේ ම සිය අපූරු රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි, කුමාර තිරිමාදුර.

ඔහුගේ වෘත්තීමය කලා ගමනට දශක 4ක් සම්පූර්ණයි.
කලාවේ නේක ඉසව් ස්පර්ශ කළ ඔහු විටෙක තිර රචකයෙක්, ගී පද රචකයෙක් ,ගායකයෙක් සේ ම මාධ්‍යවේදියෙක් ලෙසත් කැපී පෙණුන චරිතයක්.

”මම කලාවට එන්නෙ අවුරුදු 16න්. 2025 ජුනි 7 වැනිදා කියන්නෙ මගේ කලා ජීවිතේට වසර 40ක් පිරෙන දවස.
මම හිතනවා මම කලාව වෙනුවෙන් කරන්න ඕන හැමදෙයක්ම වගේ කරලා තියෙන්නෙ කියලා.
මම ගොඩක් නිර්මාණ කළා. ඒ වගේ රංගනය, තිර රචනය ,ගායනය, පුවත්පත් ක්ෂේත්‍රය වගේ හැම අංශයකම මගේ හැකියාවන් පෙන්නුවා. ඒ වගේම ඒ නිර්මාණ බොහෝමයක් වෙනුවෙන් මම අවස්ථා ගණනාවකදීම සම්මාන හිමිකර ගත්තා.

දැන් හිතනවා මට විවේකයක් අවශ්‍යයි කියලා. ඉතින් දැන් කලාව ඇතුළේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ…”
ප්‍රවීණයෙක් හැටියට ඔහුට මෙරට කලාව ගැන තියෙන්නෙ මෙවන් අදහසක්…
”යකඩ පිච්චුනාට පස්සෙ පුළුන් හොයලා වැඩක් නෑ කියලා කතාවක් තියෙනවනෙ. කලාවත් ඒ වගේ තමයි.
මේවයේ එක එක අංශ දැන් ගිනි අරගෙන තියෙන්නෙ. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේවයේ ඉහළ තලවල ඉන්න අය අදාළ ක්ෂේත්‍රවලට ගැළපෙන්නේ නැතිකම.

ඇත්තෙන්ම ඒ අය මේ විෂය දන්නෙ නෑ. එහෙම නොදැනුවත්කම එක්ක මේ ක්ෂේත්‍ර දියුණු කරන්න පුළුවන්ද ? කලාව විතරක් නෙවෙයි මොන අංශයක් වුණත් දියුණු කරන්න නම් ඒ ගැන හැඟීමක් තියෙන පිරිසක් ඉන්න ඕනි. නමුත් කිසිම හැඟීමක් නැතිව වැටුපක් වෙනුවෙන් විතරක් වැඩකරන අයගෙන් මේවායේ සතුටුදායක පැත්තක් දකින්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ.

ඒ විදියට කලාව පිරිහුණොත් ඉන් අත්වන අහිතකර බලපෑම මුළු සමාජයටම බලපානවා….”

උපුටාගැනීම් : සඳැල්ල

Previous articleපොඩි කාලෙදි කාපු බත්කටවල්වලට වඩා බඩගින්නෙ හිටපු වාර වැඩියි. සමහර දවස්වලට පල්ලියෙන් දෙන බත් එක, මම කෑවා කියලා මගේ අම්මට ගෙනත් දීලා, අම්මයි නංගියි ඒ බත් එක කන හැටි හොරෙන් බලාගෙන ඉන්නවා…” – රයන් වැන්රෝයන්
Next articleසරාගී සුපිරි තාරුකාව ඩිලානිට මුණගැසුණු ජනප්‍රිය තරුව හෂාන් රත්නායක
error: Content is protected !!
Verified by MonsterInsights