සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කළ බව පවසමින් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් ජනප්‍රිය නිළි හර්ෂි රසංගා වෙත එන්තරවාසියක් (Letter of Demand – LOD) යොමු කර තිබේ.
අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව ඇය සිදුවීම් පිළිබඳ වැරදි සහගත කරුණු ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි.
හර්ෂි රසංගා විසින් රුපියල් 900,000 කට වඩා වටිනා රන් මාලයක් තමන්ගෙන් ලබාගෙන, එය තමන්ට නොදන්වා උකස් කළ බවට භානුක රාජපක්ෂ චෝදනා කරයි.
අධිකරණය හමුවේදී එම රන් මාලය උකස් කර ඇති බවට ඇයගේ පාර්ශවයෙන් පිළිගත් බව වාර්තා වුවද, පසුව ඇය සමාජ මාධ්‍ය හමුවේ වීඩියෝවක් මඟින් ප්‍රකාශ කර සිටියේ එය පෞද්ගලික සබඳතාවක් මත තමන්ට ලැබුණු ත්‍යාගයක් වන බවත් භානුක රාජපක්ෂ විසින්ම එම මාලය තම ගෙල පැළඳූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
අදාළ රන් මාලය පොලිස් භාරයට ගෙන මීළඟ නඩු වාරය පැවැත්වෙන අප්‍රේල් 22 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.
Channel E












