Home දේශිය පුවත් හැම එකම දාන්න ඕන නෑනේ අයියෙ – පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හැම එකම දාන්න ඕන නෑනේ අයියෙ – පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

0
120

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරූපිකා පියුමි හංසමාලී පැමිණි අතර මාධ්‍ය කැමරා ශිල්පීන් ඇය වටකරගෙන ප්‍රශ්න කරන්න උත්සාහ කර තිබුණි.නමුත් වෙනදා උනන්දුවෙන් තමන්ගේ ගැටලු කථා කළ පියුමි ඊයේ ප්‍රශ්න මගහරිමින් ඇවිදින ගමන් කථා කරමින් සිය රේන්ජ් රෝවර් රථය වෙත වේගයෙන් ගමන් කර ඉගිළ ගියාය.
මෙහිදී ඇය පැවසුවේ .තමන් පැමිණිල්ලක් දාන්න ආ බවකි.ඒ ගැන විස්තරයක් ඇය නොකළාය. කෙසේ වෙතත් පියුමිගේ ලෝලියා සමාගමේ ක්‍රීම් වර්ගය පිළිබඳ මේ වනවිට උසාවිය රසපරීක්ෂණ වාර්තාවක් කැඳවා තිබෙන අතර ඇයගේ ක්‍රීම් ව්‍යාපාරය අවදානමක පවතී.

ඊයේ පියුමි හා වාර්තා කරුවන් අතර ඇතිවූ සංවාදය මෙසේය.

(වාර්තාකරු:) පියුමි.

(පියුමි:) අයියෙ.

(පියුමි:) මේ මගේ පෞද්ගලික ප්‍රශ්නෙකට පොඩි කොම්ප්ලේන් එකක් දාන්න ආවේ.

 

 

(වාර්තාකරු:) කොම්ප්ලේන් එකක් දාන්නද? විමර්ශනයක් දාන්නද?

(පියුමි:) ආවා ඉතින්.

(වාර්තාකරු:) ඒ කියන්නේ මොකක්ද?

(පියුමි:) මෙහෙමනේ අයියෙ, ඉතින් විමර්ශනයක් කරන්න ආවා. ඉතින් හැම එකම දාන්න ඕනෙ නැහැනේ.

(වාර්තාකරු:) මොනවගේ කතාද?

(පියුමි:) නැහැ නැහැ, මම… මම විමර්ශනයක් දාන්න ආවේ.

(පියුමි:) විමර්ශනයක් දාන්න ආවේ.

Source – Gossip Lanka News

 

 

(වාර්තාකරු:) ඒක අලුත් එකක්ද? අපිට මතකයි මීට ඉස්සෙල්ලත් ඔබතුමිය ගියා, නිකන් ලොකු ෆයිල් මිටියක් අරගෙන. ගොඩාක් කතන්දර… දැන් ඒක (ෆයිල් මිටිය) මේ පාර නම් නැහැ.

(පියුමි:) ෆයිල් එකක් මට?
ෆයිල් නැහැ. ෆයිල් ටික එහෙ නේ, අයියෙ, තියෙන්නේ.

(වාර්තාකරු:) ඒක ඉවරද එතකොට?

(පියුමි:) ඒකෙත් තාම… මගේ විමර්ශනත්, විමර්ශන කටයුතුත් යනවා. ඉතින් මේ… ආයෙ මම වෙන… මම කොම්ප්ලේන් එකක් දාන්න තමයි අද ආවේ.
පැය ගාණක් ලිව්වා අයියෙ, ඉතින්.

(වාර්තාකරු:) කාට විරුද්ධවද දැන්?

(පියුමි:) ඉදිරියේදී බලමු නේ.

(වාර්තාකරු:) ඒ කියන්නේ ඔබතුමියගේ ක්ෂේත්‍රයේ අයටද? නැත්නම් වෙනත් (අයෙකුටද)?

(පියුමි:) නැහැ නැහැ නැහැ නැහැ. එහෙම මොකුත් නෙමෙයි. ඉදිරියේදී කියන්නම්.
ගිහින් එන්නම්.

(වාර්තාකරු:) හරි.

Previous articleජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී දැනගත යුතු දේවල් රැසක් මෙන්න
Next articleසුපිරි නළු සනත් ගුණතිලකගේ ප්‍රසිද්ධ රහස ජානකීද ?
error: Content is protected !!
Verified by MonsterInsights