“අපේ සිංදු කියල ලක්ෂ ගණන් හොයනවා..යාන වාහන ගන්නවා අපිට බනිනවා..! ගාන්ධර්ව හිගන්නා කියනවා..ගෙයක් හැදුවට බාසුන්නැහැට ගෙදර අයිති නැහැලු..” ආචාර්ය රෝහණ වීරසිංහ හා රූකාන්ත ගායක ගායිකාවන්ට රිදෙන්න දෙයි..

“අපේ සිංදු කියල ලක්ෂ ගණන් හොයනවා..යාන වාහන ගන්නවා අපිට බනිනවා..! ගාන්ධර්ව හිගන්නා කියනවා..ගෙයක් හැදුවට බාසුන්නැහැට ගෙදර අයිති නැහැලු..” ආචාර්ය රෝහණ වීරසිංහ හා රූකාන්ත ගායක ගායිකාවන්ට රිදෙන්න දෙයි..

 

අපේ රටේ සංගීත නිර්මාතෘවරුන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (Acposl) මාධ්‍ය හමුවක් පවත්වා නැවත වතාවක් අපේ රටේ ගායක ගායිකාවන්ට අනතුරු හැගවීමක් කළා.

එමගින් ගීතය හා ආශ්‍රිත බුද්ධිමය දේපල හිමිකම් පිළිබඳව නැවත වතාවක් මතක් කළේ ජාත්‍යන්තර නීතිය නැවත වතාවක් ඉස්මතු කරමින්.

මේ සදහා ආචාර්ය රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, වසන්ත කුමාර කොබවක, රූකාන්ත ගුණතිලක, බන්දුල නානායක්කාරවසම්, නවරත්න ගමගේ සහ දර්ශන රුවන් දිසානායක වැනි Acposl සාමාජිකයන් වගේම එහි සභාපති වශයෙන් නිලාර්ග ඒම් කාසිම් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස සරත් ද අල්විස්, රංග දසනායක, අමිත් ලියනගේ සහ නිසල් ගමගේ ඇතුළු නිර්මාණ ශිල්පීන් ඊට සහභාගි වුණා.

ගීතය හා ආශ්‍රිත බුද්ධිමය දේපල ක්ෂේත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍යවලින් පළ වූ සාවද්‍ය ප්‍රවාද මෙන්ම පසුගියදා ගායක ගායිකාවන් පිරිසක් ජනපතිවරයා හමුවී ගීතයේ සම අයිතිය ලැබෙන නීති සම්පාදනය කර දෙන ලෙස ඉල්ලා සිටි සාකච්චාවද මීට බෙහෙවින් බලපා තිබුණා.

මෙහිදී ගීත දහස් ගණනක් නිර්මාණය කොට ගායක ගායිකාවන් රැසත් හැදූ ආචාර්ය රෝහණ වීරසිංහයන් මෙන්න මෙහෙම කිවිවා.

“කාලෙක ඉදළම සිංදුවකින් ඇහුණේ ගායකයගේ හඩ සහ ඒ් නම. හැම මාධ්‍යයකින්ම ඇහුණේ ඒ් නම. ඒ් හරහා තමයි ගීතය ජනගත වුණේ. සංදර්ශනකින් වගේම රූපවාහිනී මාධ්‍ය තුළින් පවා දකින්නේ ඔහුව.

ඉතින් මේ තත්ත්වය තුළ ගීතයට සංගීතය නිර්මාණය ක‌ළේ කවුද? ගීතය ලිව්වේ කවුද? කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මෙන්න මෙවැනි පසුබිමක් තුළ තමයි ජාත්‍යන්තර නීතියට අනුව ඒ් සම්බන්ධව කටයුතු කරන සාකච්චාව ඹිට අවුරුදු කීපයක සිට ආරම්භ වුණේ. අපි පැවති ආණ්ඩු කීපයක් සමගම මේ පිළිබදව සාකච්චා කළා. ලංකාවේ බුද්ධිමය දේපළ වෙනුවෙන් ක්‍රියා කරන කාර්යාලය වගේම මේ වෙනුවෙන් පෙනී සිටින ඔස්කා වැනි සංවිධාන හරහාද ඒ් සම්බන්ධව කතා කළා. ඔන්න ඊට පස්සේ තමයි අර ගායන පාර්ශවයටද මෙතෙක් තිබූ අයිතිය දෙදරා යන තත්ත්යක් ඇති වුණේ. දැන් මේක දරා ගන්න බැරිව අපිට නොයෙකුත් අවලාද නගනවා. දොස් කියනවා. එක ගායිකාවක් මට ‘ගාන්ධර්ව හිගන්නා’ කියලත් සෝෂල් මීඩියාවල අපහාස කර ලියා තිබුණා. ඒ් වෙලාවේ මම කිව්වා “එහෙම නම් මේ හිගන්නාගේ සිංදු කියන්න එපා නංගි ’ කියලා.

මේ ගායක ගායිකවෝ අපි හැදූ ගීත ගායනා කරල දියුණු වුණා. ගෙවල් දොරවල් හැදුවා. වාහන ගත්තා. හොදට මුදල් හෙව්වා අපි ඒ් දිහා බලල සතුටු වුණා. ඔවුන් තරම් ආර්ථික ප්‍රතිලාභ ලබන අය කවුරුත් නැහැ මේ ක්ෂේත්‍රය තුළ. සංදර්ශනවලට ලක්ෂ පහ හයක් ඔවුන් අය කරනවා. ජාත්‍යන්තර වශයෙන් ඩොලර් මිලියනයක් දක්වා ගන්නවා. අපි ඒ් දිහා බලා සතුටු වෙනවා.

ඇයි එහෙම නම් මේ අයට අපි දිහා බලල සතුටු වෙන්න බැරි. ඇයි ඒ් අයට කර්තෘ භාග හැටියට අපේ අයට මුදලක් අරන් දෙන්න බැරි. මුදලක් වෙන්න කරන්න බැරි. ඒ් සදහා ඔවුන් කාරුණික වී නැහැ. බොරු බියක් මවනවා. අපි බිල්ලෝ ලෙස සංවිධානාත්මකව ප්‍රචාරය කරනවා.මේක හරිම කණගාටු දායක තත්ත්වයක්. අපි ඒ් අයට අපේ සිංදු කියන්න ඒපා කියලා නැහැ. තහනම් කරලා නැහැ. ”

ආචාර්ය රෝහණ වීරසිංහයන් එහෙම කිව්වට පසුව තවත් විශිෂ්ට ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයකු වූ රූකාන්ත ගුණතිලකත් කතා කළා.

“අපි හැදූ ගීතයක් කවුරු හරි ගායනා කරද්දි ඒ්කට අපි හරිම කැමතියි. ඒ්ක හරිම සුවපත් සිතිවිල්ලක්. ඔය අය සිංදුවක් හදා ගන්න එද්දි කීප අවස්ථාවක් අපිට කතා කරනවා. අනේ.. අනේ..කියලා පින් සේන්ඩු වෙනවා..එහෙම ඇවිත් සිංදුවක් හදා ගන්නවා. නමුත් හදා ගත්තට පස්සේ මේ සියල්ල අමතක වෙනවා. ඊට පස්සේ සිංදුව හදා ගත්තේ මුදල් දීලා කියලා සංගීත අධ්‍යක්ෂවරයව බාසුන්නැහැ කෙනෙක් ගානට දාලා කතා කරනවා. ගේ හැදුවට එයාට ගෙදර අයිති නැහැනේ කියනවා. ඇයි මනුස්සයෝ විදියට හිතන්නේ නැත්තේ.මට මේවට කේන්ති යන්නේ නැහැ. නමුත් කණගාටුයි.”

 

Local Gossip