ගෙන්දගම් පොළොවේ කතන්දර බොහෝමයි. සමහර කතා සුරංගනා කතා වගේ වුණත්, ඒවා පිටුපස තියෙන්නේ තිත්ත ඇත්තක්.
මේ කියන්නෙත් මොණරාගලින් කොළඹට ඇවිත්, ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු තරුණයෙක්ගේ විවෘත පාපොච්චාරණයක්.
අපි ඒ කතාව ඔහුටම කියන්න දෙමු…
“කොළඹ කියන්නේ සුරපුරයක් වගේම අනිත් පැත්තෙන් අපායක් අයියේ… මම ඒ අපායෙයි සුර ලොවෙයි දෙකේම ජීවත් වෙලා ඉඳපු මනුස්සයෙක්..මම කොළඹට ආවේ මොණරාගල ඉඳලා. මුලින් රෙදි කඩේක වැඩ කළාට පස්සේ මැජෙස්ටික් සිටි එකේ ෆෝන් ශොප් එකක ජොබ් එකක් සෙට් වුණා. කාලයත් එක්ක මම මගේ ‘ගමේ කෑල්ල’ අයින් කරලා කොළඹ විදිහට වෙනස් වුණා. ජිම් ගිහින් ඇඟ හදාගෙන ඇත්තටම මම ‘පොෂ්’ වුණා.ඔහොම ඉද්දි තමයි දවසක් මැදි වයසේ සුරූපී කාන්තාවක් අපේ ශොප් එකට ආවේ. ඇය හෙව්වේ ඇපල් අලුත්ම ෆෝන් එක. හැබැයි ඒ ෆැසිලිටීස් ගැන අහද්දී ඇගේ ඇස් තිබුණේ ෆෝන් එක දිහා නෙවෙයි, මගේ මූණ දිහා. ඒ ඇස් මගේ ඇඟ පුරාම දිව්වා. ඒක හරිම “කෑදර බැල්මක්” අයියේ…









