”සමන්තාගේ කතාව එලෙස නිම විය…………..
සමන්තා සුදු ගැහැණියක් නොවෙයි , කළු ගැහැණියක් ද නොවෙයි
ඇය අද සමාජයේ අපට ඕනෑතරම් දකින්න ලැබෙන අළු ගැහැණියයි…..
මේ ගෑණු ආත්මය “සමන්තා”නමින් , “ඉර ගිණි මද්දහන” නිර්මාණයේ නිරෑපණය කරන්න කරන්න ලැබීම මගෙ ටෙලිනාට්‍ය ඉතිහාසයේ මා ලද විශාල භාග්‍යක් ලෙස මා දකිමි…..
“කඳුලු කුණාටුව” නවකාතාවෙන් මේ ශක්තිමත් ගෑණු ආත්මයට උපත දුන් “තරංගා දිසානායක” මහත්මියට ස්තූතියි කියනවාටත් වඩා, මෙවැනි ගැහැණු ආත්ම වලින් සමාජයට ආදර්ශවත් තව තවත් නිර්මාණ ගෙන ඒමට දිරිය ශක්තිය , දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි……
“සමන්තා” ට පණ පොවන්න “අ” යන්නේ සිට නිර්ලෝභීව කියාදුන් , “තරින්දි” ගෙන් “සමන්තා”ව වෙන් කර ,විශෂ්ඨ අධ්‍යක්ෂණයකට මා නතුකල , “ලලිත් රෝහිත එදිරිසිංහ”. මහත්මයාට මාගේ හදවිතින්ම මා ස්තූති කරන අතර මෙවැනි නිර්මාණ ඉදිරියටත් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒමට ඔබට දිරිය ,නුවන,දීර්ඝායූ ප්‍රාර්ථනා කරමී…..
“මහතුන්” නැමැති ඒ සුන්දර මිනිසා නැතිවූවා නම් “සමන්තා” ජීවිතයේ අවසානය මීට වඩා අඳුරු වෙතැයි මගේ හැඟීමයි….
“සමන්තා” ගේ චරිතය ,රසවත්ව නිරූපණය කිරීමට “චමීර ලියනගෙ” මගේ සහෝදරයාගේ ලැබුණ සහයෝගය අගය කල යුතුමයි….එවැනි වෘත්තීමය බාවය ඉතා ඉහල මට්ටමක තිබෙන රංගන ශිල්පීන් ඉදිරියේදීත් බිහිවේවායි!! මගේ ප්‍රාර්ථනය…
බණ්ඩාරෙ,කාංචනා,බේබි නෝනා,ඇග්නස් නැන්ද ,කටුපොත ගෙදර නැන්ද ,ලොකු අම්ම ඇතුලු “ඉරගිණි මද්දහනේ” චරිත නිරෑපණය කල සියලු රංගන ශිල්පීන් හා ශිල්පිනි යන්ගෙන් ලද ඉමහත් සහයෝගයට හදවතින් නැගෙන ආදරය,ගෞරවය , ස්තූතිය පුදකරමී…..
එතැන්සිට සමන්තාගේ චරිතය තුල මට ජීවත් වන්නට , එය මිනිසුන්ගේ හිත් වලට කාවද්දන්නට , “සමන්තා”ව එලෙස නිරූපණය කරන්නට ,නිදහස , සිත්ගන්නා කැමරා කෝණ වලින් උපරිම සහයෝගය ලබාදුන් “ඉර ගිණි මද්දහන” “කැමරා ශිල්පි” බුද්ධික මංගල සහෝදරයාට ආදරයෙන් ස්තූති වන්ත වෙන්නට කැමැත්තෙමී….
………සමන්තාගේ චරිතය ලියවී ඇති අකාරයට සිතට මැවෙන සමන්තාගේ රූප සොබාව නිර්මාණයට ගැලපෙන අයුරින් ඉදිරිපත් කල අපේ අංග රචනා ශිල්පී ප්‍රේමලාල් මහත්මයාට ද හදවතින්ම ස්තූති කරන්න කැමැත්තෙමි…
………එතැන් සිට කැමරාව පිටු පස සිට “ඉර ගිණි මද්දහන” සාර්ථක නිර්මාණයක් කිරීමට දිවා රෑ නොබලා වෙහෙසුනු කලා අංශය , සහය අධ්‍යක්ෂ අංශය , Unit එකේ සියලුම ශිල්පීන් , ප්‍රවාහන ශිල්පීන් , ආහාර පාන සපයපු සියලු මහත්මයින්ටත් ගෞරවනීයව ස්තූති වත්ත වෙමී….
නාලිකා කීපයකින් මෙවැනි උසස් මට්ටමක නිර්මාණයක් ප්‍රතික්ෂේප වෙද්දි, “ඉර ගිණි මද්දහන” නමැති ආදර්ශවත් නිර්මාණය ප්‍රේක්ෂයන් අතරට රැගෙන යාමේ අභියෝගය භාරගත් ,ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කල අපේ ජාතික නාලිකාව Jathika Rupavahini ටත් ගෞරවණීය ස්තූතිය
සමන්තල , මහතුන්ල , බණ්ඩාරෙල , කාංචනාල අද සමාජයේ ද සිටියි….මේ කතාවෙ තිබෙන කළු,සුදු හා අළු චරිත වලින් ඔබටත් හරි දේ වැරදි දේ ,තොරා බේරා ගෙන ,කඳුල මතින් ජීවිතේ ගොඩ යන්නත් ,,,,,,
කඳුලු කුණාටුවට ජීවිතේම අසුවෙන්න ඉඩ අරිනවද? නැත්තම් ඒ කඳුලු කුනාටුව ; සිනහ මල් වැස්සක් කරගන්නවද කියන ආදර්ශවත් ප්‍රශ්නය සමජයට මුදා හරිමින් “ඉර ගිණි මද්දහනෙන්”” අපි සමු ගනිමු
අරලියා මලක් වගේ සුවද හිතකට
ආදරේ අපායක් කරපු වරදට
සමාවක් යදින්නේ කොහොමද
හද පලා සත් කඩ මා දවාපන් කලි
උහුලන්නේ නෑ,
අහස ගුගුරා මහ පොලොව යයි පැලි
ආල කදුලක් බරවෙච්චි…
රාග ගින්නක් ඇවිලිච්චි…
නිවන තව දුර වැඩි වෙච්චි….
බුදු වෙයන් මගේ දරුවන්ගේ අප්පච්චි…”
උපුටාගැනීම : Tharindi Fernando ෆේස්බුක් පිටුවෙන්
