Home Uncategorized මේ හැමෝටම විශේෂ කාලයක්.. බලන්නකෝ ඔබේ ලග්නයට කොහොමද කියලා…

මේ හැමෝටම විශේෂ කාලයක්.. බලන්නකෝ ඔබේ ලග්නයට කොහොමද කියලා…

0
26
මේ ඇත්තටම බොහෝ දෙනෙක්ට විශේෂ වුණු සතියක්..

මෙන්න බලන්නකෝ ඔබේ ලග්නයට මේ සතිය මොන වගේ වෙනස් වේවිද කියලා.. 

මේෂ
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාව මඟින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. පවුලේ වැඩ හිටියන්ගෙන් උපදෙස් පතන කාලයකි. නිකරුණේ කරන වියදම් වැඩි කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ වෙනදාට වඩා යෙදෙන ගමන් ගැන පැලකිලීමත් ටන්න

රැකියාව
තරමක බාධා යෙදුණත් උත්සාහයෙන්, උනන්දුටෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. එමෙන්ම රැකියා තනතුරු, වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සතිය මැද කාලයේදී අතමිට මුදල් ගැවසෙන සුළු සුළු රැකියා මාර්ග යෙදේ.

අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජයග්‍රහණ උදා කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් සැලසුමක් ඇති කරයි.

සෞඛ්‍යය
උරහිය, කොන්ද ආශ්‍රිත හටගන්නා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වර්මා ගත ආබාධයක් හේතුවෙන්ද පීඩා අත්කරන සතියකි. කෑම බිම ගැන සැලකිලිමත්වන්න.

වෘෂභ
සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
දුරදිග බලා කරන කටයුතු කීපයක් සාර්ථක කරයි. එමෙන්ම බොහෝදෙනා සම්බන්ධ කරගෙන කරන කටයුත්තකටද අත ගසයි. නිවෙසට නිතර යන එන කෙනෙකු පිළිබඳ කල්පනාකාරී විය යුතු කාලයකි.

රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග යිතා බලන්න වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට සැලසුම් සාර්ථක කිරීමට හේතු ඇති කරයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇතලයකි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරග විභාගයකින් නොසිතූ ජයග්‍රහණ අත්කරන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවන කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි.

සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යටපත්වූ උරය සම්බන්ධ ආබාධයක් නැවතමතුකරයි හදිසි ප්‍රතිකාර පතා දුන් පළාතකට යාමට සිදුවේ.

මිථුන
වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදෙන කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 4, 5, 6,7 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
පවුලේ ගැටලුවක් දුරදිග යන බවක් පෙනේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන කාලයකි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති මත ගැටලු කීපයක් විසඳා ගැනීමට හැකිවෙයි. ස්වයංරැකියා මාර්ගවලින්ද අතමිට සරු කරයි.

අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට කැමැත්තක් දක්ටයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ තීරණයක් වෙනස් කරයි. පොත පත කියවීමේ රුචිකත්වයක් දක්වන කාලයකි.

සෞඛ්‍ය
ගතයිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නිතර ඇතිවන පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. හදිසි වැටීම් තැලීම් වලට ඉඩ ඇති කාලයකි.

කටක
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සුදානමක් ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාටක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව
පරම්පරාගත රැකියාවකට අවස්ථාව උද කරයි. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා පරම්පරා රැකියා හිමිකමක්
මාර්ගවලට ද හේතු යෙදේ. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලට අවස්ථාව සැලසෙන කාලයකි.

අධ්‍යාපනය
නව දැනුම සොයායන මාර්ගවලට යොමුවෙයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරවීමට සිදු වේ. පපුව, පෙණහැල්ල ආශ්‍රිත සෙමි අමාරුටකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. එමෙන්ම වරින්වර ඇතිවන දණහි ආබාධයක් හේතුවෙන්ද ප්‍රතිකාර පතයි.

සිංහ
අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාව මතිනි.

ගෘහ ජීවිතය
වෙනදාට වඩා විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගත කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. පවුලේ කටයුතුවලදී මුලිකත්වයක් ගන්නා බවක් පෙනේ විදෙස් ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත.

රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ ටෙහෙසීම ටැඩිකරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
හවුල් ව්‍යාපාරයකට ඉඩ කඩ ඇති කාලයකි. උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි.

අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියකි. තරඟකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. කණ්ඩායම් වැඩ යටහනකට සම්බන්ධ වීමට හැකි වෙයි.

සෞඛ්‍යය
සෙම් අමාරු, උගුර ආශ්‍රිත අමාරු හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. ටරන්ටර හට ගන්නා දතක අමාරුවකට ද ප්‍රතිකාර පතන බවක් පෙනේ.

කන්‍යා
ලැබීමේ සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව-මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
එදිනෙදා කටයුතු උත්සාහයෙන්. උනන්දුටෙන් කරගෙන යන කාලයකි. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත්කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදුවිය හැකි කාලයකි කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසේ.

රැකියා
රැකියාවේ තනතුරු වෙනසක් සිදු කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. උගත්කමට සරිලන රැකියා මාර්ග වලට හේතු සැලසෙන කාලයකි. අවිවේකි ලෙස රැකියාවේ කටයුතු කරයි.

අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. දහම් අධ්‍යාපනික කටයුතු වලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි.

සෞඛ්‍ය
කොන්ද, උරගය, සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි.

තුලා
ගැටලුකාරී බවකින් නිදහස සැලසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1,2,3 යන භාවමතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ පටුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. ආගන්තුක සත්කාරයක් වෙනුවෙන් වෙහෙසෙයි. බාහිර අලංකාරයට කැමති කාලයකි පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි.

රැකියාව
උත්සාහයෙන් උනන්දුවෙන් රැයාවේ කටයුතු කරගෙන යයි ජලාශ්‍රිත කටයුතු ආගන්තුක සත්කාරයට හිත්දෙයි.
සම්බන්ධ රැකියා මාර්ගයකට අවස්ථාව උදාකරයි. කරගෙන යන රැකියාවට අමතර සුළු සුළු රැකියා මාර්ග හිමි කරයි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදු වේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.

සෞඛ්‍යය
නිතර ඇතිවන අතේපයේ හිරිගතිය හේතුවෙන් පීඩාකාරී බවත් ඇති කරයි. රුධිරගත සීනි මට්ටම, අධිරුධිර පීඩනය, කෙරෙහිද වෙනදට වඩා සැලකිලිමත් වන්න.

වෘශ්චික
උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදුකරන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජිවිතය
පරම්පරාගත දේපළ ලැබිමකට හිමිකම් ඇති කාලයකි. පවුලේ කටයුතුවල මුලිකත්වයක් ගැනීමට සිදුවේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අමතර වෙහෙසීම් බහුල කරයි. නිති ගැටලුටකින් නිදහස සැලසෙන කාලයකි.

රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි එමෙන්ම රැකියාවේ කටයුතු උත්සාහයෙන් කටයුතු කරයි.
රැකියා උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙළක් වෙනස් කරයි.

අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවෙයි. පොතපත කියවීමට කැමැත්තක් දක්ටයි. කලා හා සාහිත්‍ය කටයුතු වලට යොමුවන කාලයකි. විදෙස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් වෙහෙසයි.

සෞඛ්‍යය
පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. එමෙන්ම ටරිත්වර ඇති කරන ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර පතයි. ආහාරපානවලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනී.

ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
විශේෂ කෙනෙකුගේ හමුවීමන් සිදු කරයි. හදිසි තීරණයක් සාර්ථක කරයි. පවුලේ දානමය පින්කමක් වෙනුවෙන් ටෙහෙයෙන කාලයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.

රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ වගකිම් බහුල කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලට යොමුවේ. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරයි.

අධ්‍යාපනය
පොතපත කියවීමට කැමැතියි. විදෙස් අධ්‍යාපන සැලසුමකට යොමුවේ. නව දැනුම සොයා යන මාර්ගවල නිරත වෙයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීම යොමුවන කාලයකි.

සෞඛ්‍යය
වරින්වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත් වන්න. සෙම් ආමරුවක් හේතුවෙන් ද පීඩා ගෙන දෙන කාලයකි.

මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අලුත් ගේ දොර පදිංචියකට කටයුතු සුදානමක් ඇති කරයි. වෙනදාට වඩා දනට පිනට ලැදි කාලයකි. විශේෂ උත්සට අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි.

රැකියාව
රැකියාවේ පැවැති ගැටලුකාරී බවක් මග හැරී යයි. දැතේ මහන්සියෙන් කරන රැකියාවකටද හිමිකම් ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති කාලයකි.

අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වලට වරින්වර බාධා මතු කරයි. උත්සාහයෙන්, මහන්සියෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයකි.

සෞඛ්‍යය
උගුර,කත. ආශ්‍රිත හට ගන්නා ආබාධයකට පීඩා අත්කරයි. එමෙන්ම නිතර ඇති වන අතේපයේ හිරි ගතිය හේතුවෙන් ද ප්‍රතිකාර පතයි. නිතර තමා ගත්තා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න.

කුම්භ
සැලසුම් කීපයක් සාර්ථක කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජිවිතය
පැවැති ගැටලුකාරී බටකින් නිදහස උදා කරයි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. පවුලේ ආගමික කටයුත්තකට සැලසුමක් ඇති කරයි. හදිසි දේපළ ගණුදෙනුවකට අවස්ථාව සැලසේ.

රැකියාව
වෙහෙසීම බහුල රැකියා මාර්ගවලට හේතු සැලසේ. එමෙන්ම කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියාටකට සැලසුමක් ඇති
සැලසුම් සාර්ථකයි කරයි. මෙතෙක් කරගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරයක් නව මුහුණුවරකින් කරගෙන යන කාලයකි.

අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. එමෙන්ම අලුත් පොත්පත මිලදී ගැනීමටද අවස්ථාට සැලයේ විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචියෙන් පිට වාසයට හේතු උදාකරයි.

සෞඛ්‍ය
ශාරීරික වෙහෙයිම් බහුල කරයි. යටපත් වූ කොන්ද ආශ්‍රිත වේදනාවක් නැවත මතු කරයි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සැලසුමක් ඇති කරයි.

මීන
සැනසිලිදායක ලෙස කටයුතු සිදු කරන මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය
පැවැති ගැටලු කීපයක් මඟ හරවා ගැනීමටට හැකිවෙයි තින්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.ගේ දොර අඩුපාඩු කීපයක් සම්පූර්ණ කරගැනීමට හැකිවේ. උදාකරයි. සහෝදර බැඳීම් වැඩි කරන කාලයකි.

රැකියාව
වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ රැකියාවේ කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවෙයි. අතමිට සරුකරන සුළු සුළු රැකියා මාර්ගවලටද හේතු යෙදෙන සතියකි.

අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු නියැළී සිටින අයට සුබදායකයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන කාලයකි.

සෞඛ්‍යය
කොන්ද, උරහිස ආශ්‍රිත ඇතිවන ආබාධයක් හේතුවෙන් වරින් වර පීඩාකාරී බවක් අත්කරයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවන කාලයකි.

සුබසෙත පුවත්පත ඇසුරෙයි.

Previous articleඅතේ ලක්ෂ 2ක් තියාගෙන තමිල්නාඩු මහ මැතිවරණයට ගිහින් කෝටි ගානක ධනස්කන්ධයක් හොයපු සුපිරි නළු විජේ ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න.
Next articleසෙම් ගෙඩි පැය 4න් සනීප කරන විශ්මිත බෙහෙත් පානය මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights