යමක් ශ්‍රවණට කිරීමට මිනිස් සිරුරේ ඇති එකම ඉන්ද්‍රිය වන්නේ කනයි. කනෙහි ඇති වෙන විවිධ සංකූලතා පිළිබඳව අපි බොහෝ විට සැලකිලිමත්.
එහෙත් සමහර විටක හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවණ අවහිරතා මතු වීමට ඉඩ ඇති අවස්ථාවලදී, කනේහි ඇති වන එවැනි අවහිරතා තත්වයන් බොහෝ විට අප හදුන්වන්නේ කන අගුල් වැටෙනවා යනුවෙන් වීම සාමාන්‍ය කාරණයක්. එවැනි අවස්ථාවක් ස්ථිර ලෙසම පැවතිය හොත් අවට පරිසරයේ හඬ ශබ්ද මෙන්ම අප කතා බහා කරන දේ පවා ඇසීමට නොහැකි තත්වයකට පත්වෙනවා.
කන් ඇහෙන්නේ නැතිව යනවා යනුවෙන් අප පවසන්නේ එවැනි තත්වයකටයි. කනෙහි එවැනි තත්වයක් ඇතිවීමට කරුණු කිහිපයක් බලපෑ හැකි අතර, එනම් මැද කනෙහි සෙම පිරී තිබීම හෝ මැද කනේ පීඩනයේ ඇතිවන වෙනස් වීම් නොඑසේ නම් මැද කනෙහි ආසාදනයක් නිසා හෝ විශබීජයක් නිසා සැරව ඇති වීම, එමෙන්ම කනේ කර්ණ පඨතා පටලය හෙවත් කන් බෙරයේ ඇති වන විශේෂිත තත්වයෙන් ආදී හේතුන් නිසාවෙන් කන් ඇසීම නිසි ලෙස සිදු නොවන්නට ඉඩ තිබෙනවා.
එවැනි තත්වයක් ඇති වීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ කනෙහි ඇති යුෂ්ටිඛිය නාලයේ අවහිරතාවයන් බව ඔබ දැන සිටියාද..? එවැනි අවස්ථාවක මෙරට රෝහල්වලදී මෙතෙක් සිදු කලේ එම රෝගියාගේ කනෙහි කන් බෙරයේ ඉතා සියුම් සිදුරක් ඇති කර මැද කනෙහි ඇති සෙම හෝ වෙනත් විශබීජයක් වේ නම් සවා පිටතට ගැනීමයි. නොඑසේ නම් කන් බෙරයට සියුම් ප්ලාස්ටික් බටයක් දමා මැද කනෙහි ඇති සෙම හෝ විශබීජ පිටතට ගැනීමයි.
මෙවැනි තත්වයකදී එවැනි ශල්‍ය කර්මයකට ලක්වන රෝගියකු යම් ආකාරයක අවදානම් සහිත තත්වයකට වුවද ලක් වීමට බෙහෙවින් ම ඉඩ ඇති අතර, එහෙත් මෙරට රෝහලකදී ප්‍රථම වතාවට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කළ මෙම සුවිශේෂී ශල්‍ය කර්මය තුළින් එම යුස්ටේකීය නාලය තුළ පවතින සියලු අවහිරතාවන් ඉවත් කරනුයේ කනෙහි ඇති කර්ණ පටහා පටලය සිදුරු කිරීමක් හෝ පලුදු කිරීමක් සිදු නොකර වීම මෙහි ඇති විශේෂත්වයයි.
ඒ අනුව මෙරටදී ප්‍රථම වතාවට එවැනි සැත්කමක් සිදුවෙනවා. වයස අවරුදු 47 ක් වන කාන්තාවකට, වයස අවරුදු 11 ක පිරිමි ළමයෙකුට සහ වයස අවුරුදු 68ක කාන්තාවකටයි.
කැමරාවක් මගින් කනේ යුස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ මෙම සාර්ථක ශල්‍යකර්මය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මෙලෙස ප්‍රථම වතාවට සිදුකර තිබුණා. මීගමුව මහා රෝහලේ දී සිදු කළ මෙම සුවිශේෂී ශල්‍ය කර්මය සදහා වෛද්‍යවරුන් 11 ක් ඇතුළු හෙද රෝහල් කාර්ය මණ්ඩලයක් සහභාගී වී තිබුණා.
එන්ඩෝස්කොපි ඉස්ටේකියන් ටියුබ් සර්ජරි හෙවත් සියුම් කුඩා ප්‍රමාණයේ කැමරාවක් කනේ යූස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් මුල්වරට මෙරටදී සිදුකර තිබුණේ කන, උගුර සහ ගෙල සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය විද්‍යානිධි රිශ්නි ශකාෆ් ප්‍රමුඛ වෛද්‍ය කණඩායමක් විසින්.
මේ සදහා අවශ්‍ය වන ශල්‍ය උපකරණ මෙරට නොවු අතර එම උපකරණ විශේෂද ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් විසින් පෞද්ගලිකව මෙරටට ගෙන්වා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත්, මීට මාස 02 කට පමණ පෙර මීගමුව රෝහලේ සේවය සදහා පැමිණ ඇති විශේෂඤ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් හලාවත, කුලියාපිටිය, හෝමාගම, වතුපිටිවල, කොළඹ ජාතික රෝහලේ ද සේවය කර ඇති අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, සහ ජර්මනියේ රෝහල්වල විශේෂ අත්දැකීම් ලද අයෙක් වීමත් මෙහි සාර්ථකත්වයට හේතුවන්නට ඇති.