හෙළ සිනමාවේ නිලි රැජිනිය එදා පුවත්පත් හැඩ කලේ මෙහෙමයි.

හෙළ සිනමාවේ නිලි රැජිනිය එදා පුවත්පත් හැඩ කලේ මෙහෙමයි.

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී.

‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළා.

අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලැබීය.

1963 වසරේ ‘නොරත රථ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බාබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණි.

අනතුරුව ගතවූ දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට මාලිනි ෆොන්සේකා මහත්මිය සමත්විය.

නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු විත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක විය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංග කුසලතා හේතුවෙන් අවස්ථා ගණනාවක දී ඇය දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

මේ එකල ඇගේ රුවින් සැරසුණු පුවත්පත් කිහිපයක එකතුවක්…

Local Gossip