Home ක්‍රීඩා පුවත් දිවි මඩලෙන් බැසගිය පාපැදි රජු අවසන් ගමන් ගියේ මෙහෙමයි

දිවි මඩලෙන් බැසගිය පාපැදි රජු අවසන් ගමන් ගියේ මෙහෙමයි

0
49

රත්නපුරයෙන් බිහිවූ දිවයිනේ ප්‍රවීණතම පාපැදි ශූරයෙක් වන අභාවප්‍රාප්ත ඒ.එම්. සුමනවීර මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

දිවයිනේ ප්‍රධානතම පාපැදි සවාරි වන ලංකා සවාරිය, ලක් පොහොර පාපැදි සවාරිය ඇතුළු ප්‍රධානතම පාපැදි තරඟ රැසක් සුමනවීර ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව පාපැදි තරග 1000කට වැඩියෙන් ඔහු ජයග්‍රහණය කර ඇත.

ඒ. එම්. සුමනවීර මහතා පාපැදි ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධියට පත්වූයේ “කඳුරට ශූරයා” ලෙසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාව කළ ඔහු දිනපතා රත්නපුරේ සිට කොලොන්නාවේ තම සේවා ස්ථානයේ වෙත පාපැදියෙන් පැමිණීම සුවිශේෂී කරුණක් විය.

“රත්නපුරයේ මිණිකැටය” ලෙස විරුදාවලියෙන්ද ඒ.එම්. සුමනවීර මහතා හදුන්වනු ලැබේ.

Previous articleධනංජයගේ පුංචි දෝණි අම්මා එක්ක පස්වෙනි උපන්දිනය සමරලා..
Next articleඔබේ සිනහව රැකදෙන දත් දෙපල ගැන හිතනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම බලයි
error: Content is protected !!
Verified by MonsterInsights