Home Uncategorized කැස්ස, සෙම සුව කරන බඩ අඩු කරන සුදුළුණු සහ මී පැණි එක්කර...

කැස්ස, සෙම සුව කරන බඩ අඩු කරන සුදුළුණු සහ මී පැණි එක්කර සදනා මේ විශ්මිත පානය නිවැරදිව සාදා ගන්නේ මෙහෙමයි’

0
94

 

මේ සංයෝගය ගැන මීට කලිනුත් ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති..

නමුත් මෙම ඖෂධ පානය නිවැරදිව සාදා ගැනීමට බොහෝ අය නොදන්නා නිසා සමහරවිට මින් ඔබට සහනයක් සැලසී නැතුව ඇති..

මේ කියන්න යන්නේ
සුදුළූණුවල හා මී පැණිවල විශ්මිත ගුණය එකට මුසු කොට සාදාගන්නා මෙම සුදු ළූණු, මී පැණි ඖෂධ පානය ඉතා සරලව ඒ ඖෂධය හදන ආකාරයයි..

මොනවද මෙහි තියෙන ගුණ..?
– මේද දහනය කිරීමේ ගුණය
– හෘද ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ ගුණය
– ශරීර වාජීකරණ ගුණය
– අන්ත්‍ර දෝෂ නිවාරණය කිරීමේ ගුණය
– ධාතු වර්ධනය කිරීමේ ගුණය
– කැස්ස, සෙම, වාත අමාරු නැසීමේ ගුණය

සාදාගන්නා ආකාරය..
ඉස්සෙල්ලා මූඩිය හොඳට වහන්න පුලුවන් වීදුරු බෝතලයක් ගන්න. ( ජෑම් බෝතලයක් වැනි යමක් ) දැන් මේ බෝතලය හොඳින් නටන උණුවතුරෙ මිනිත්තු කිහිපයක් තම්බලා අරගෙන හොඳින් වේලගන්න. මේ සඳහා ඔබට එය පිරිසිදු රෙදිකඩකින් පිසදැමීම හෝ තද අවුවේ වේලාගැනීම සිදුකරන්න පුලුවන්.

දැන් බෝතලේ ඉඩ ප්‍රමාණය අනුව සුදු ළූණු අරගෙන එහි බික් 10ක 15ක පමණ පොතු ගලවලා ඒවා හොඳින් සෝදලා තෙත මාත්තු කරගන්න. ( සුදු ළූණු අව්වෙ තියලා වේලන්න එපා. එවිට ගුණයට හානි වෙන්න පුලුවන්.)

දැන් එම සුදු ළූණු බික් සියල්ලම දෙකට කපාගෙන වීදුරු බෝතලයට දාගෙන සුදුළූණු සියල්ල හොඳින් වැහෙනසේ මී පැණිවලින් පුරවා ගන්න. ඉන්පසු බෝතලයේ කට හොඳට තදකර වසාගන්න. මෙම බෝතලය අවම ලෙස මාස තුනක් විතර මෙලෙස තබා ඉන්පසු දිනපතා උදෑසන හිස් බඩට මෙම සුදු ළූණු බික් දෙක බැගින් ආහාරයට එකතු කරගන්න.

මුහුණුපොත ඇසුරෙන්..

Previous article“අයිතිකාරයො වැඩි වුණාම ප්‍රශ්න වැඩියි…” ඇය මේ කියන්නේ අසම්මත ප්‍රේමයක් ගැනද..? සුරූපී ශෙහානි කියූ ඒ ආන්දෝලනාත්මක කතාව මෙන්න..
Next articleඔයත් දූරියන් කන්න පෙරේතයෙක්ද ? නැත්නම් පේන්න බැරිද ? රජවරුත් දූරියන් කෑවා කිව්වේ ඇයි? මේක කියවලම දූරියන් කන්න
error: Content is protected !!
Verified by MonsterInsights