Home Uncategorized කූඹි කරදරෙන් මිදෙන්නේ මෙහෙමයි … මෙන්නෙ මේ දේවල් කළොත් කූඹි සේනවා කොහෙන්...

කූඹි කරදරෙන් මිදෙන්නේ මෙහෙමයි … මෙන්නෙ මේ දේවල් කළොත් කූඹි සේනවා කොහෙන් ගියාද කියලා නෑ ..

0
82

 

කූඹි ගෙදර හැම තැනම බෝවෙලා නම්, මේ ලිපිය ඔයාටයි…

කරදරකාර සතුන් පලවා හරින කෘත්‍රිම රසායන ඕනතරම්. ඒවා සතුන්ට වගේම මිනිසුන්ටත් විසයි. අපේ වටාපිටාවේ තියෙන ස්වාභාවික ද්‍රව්‍යවලින් සතුන් පලවා හැරිය හැකි නම් මුදල් පසුම්බිය හිස් වන්නේත් නැහැ. අපටවත් පරිසරයටවත් විස එකතු වන්නේත් නැහැ.

කුරුඳු ව්‍යාංජන රස කරන ගුණදායක කුළුබඩුවක්. මේ කුළුබඩුව කුහුඹුවන් එළවා දැමීමටත් උපකාරී වෙනවා. කුරුඳු කුඩු කුහුඹුවන් සිටින තැනකට ඉසින්න. එසේත් නැත්නම් කුරුඳු තෙල් බින්දු කිහිපයක් කපු පුළුන් කැබැල්ලක ගිල්වා කුහුඹුවන් සිටින තැන්වල තබන්න.

දෙහි යුෂ ගන්ධයට කුහුඹුවන් කැමැති නැහැ. ජලය මිශ්‍ර කර දෙහි යුෂ ඉසින්න. ඔබට ‍දෙහි යුෂ, කපු පුළුන් කැබැල්ලක පොඟවා කුහුඹුවන් සිටින තැන්වල තබන්නත් පුළුවන්.

මිරිස් කුඩු ද කුහුඹුවන් පලවා හරින්න කදිමයි. පෙපර්මින්ට් ගන්ධයට කුහුඹුවන් කැමැති නැහැ. පෙපර්මින්ට් තෙල් පුළුන් කෑල්ලක පොඟවා උන් සිටින තැන්වල තබන්න.

සුදු විනාකිරි, ජලය සමඟ මිශ්‍රකර ඉසීමෙන් ද කුහුඹුවන් වහාම පලවා හැරිය හැකියි.
මේ දේවල් කරලා බලන්නකෝ…

අන්තර්ජාලයෙන්…

Previous articleඔබේ ලග්නය අනුව හරියටම ඔබට පිහිටවන දෙවියන් මෙන්න ..
Next articleට්‍රැවල් කරන කවුරුත් ආස “මං සරන්නා” එදා එයාගේ ජීවිතයට තවත් එක් වැදගත් දවසක්..
error: Content is protected !!
Verified by MonsterInsights