මේ කියන්න යන්නේ අරුම පුදුම ඉස්කෝලෙක් නොව අරුම පුදුම විදුහල්පතිවරයෙක් ගැන… වලස්බැද්දේ ලොකු ඉස්කෝලේ මහත්තයා ගැන ඇසෙන කතාව

මේ කියන්න යන්නේ අරුම පුදුම ඉස්කෝලෙක් නොව අරුම පුදුම විදුහල්පතිවරයෙක් ගැන… වලස්බැද්දේ ලොකු ඉස්කෝලේ මහත්තයා ගැන ඇසෙන කතාව

වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා

* පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව
* අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව
* පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌
වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය. ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේය. කුඹල්වල බස්‌රථයෙන් හල්පේට පැමිණ එතැන් සිට වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කර පැමිණිය යුතුව තිබූ වලස්‌ගල ඉස්‌කෝලයට ගුරුවරයෙක්‌වත් එන්නට කැමති වූයේ නැත. එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් පාසල හැර තම සේවයට සුකර පහසුකම් සහිත ස්‌ථාන සොයාගෙන ගියහ.

කෙසේ වෙතත් වලස්‌ගල ඉස්‌කෝලය මුලින් සාර සුබාවට තිබුණු එකකි. ඒ ඉස්‌කෝලයේ මුලින්ම සිසුහු 400 ක්‌ පමණ ඉගෙන ගත්හ. එහෙත් 1994 පමණ වනවිට පාසලේ සිටියේ දරුවන් 20 ක්‌ පමණය. දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නේ ඔය අස්‌සේය. දයානන්ද මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නට කලින් හිටියේ බොහෝම ගෞරවයට පාත්‍රවෙමින් තිබුණ බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසය. ඉන් පස්‌සේ පේරන්දෝරුව විදුහලේ විදුහල්පතිව සිටි හෙතෙම වැහෙන්නට යන වලස්‌වැව ඉස්‌කෝලයට එන්නේ වර්ෂ 1994 දීය. අද වලස්‌වැව ඉස්‌කෝලය මධ්‍යම පළාත බබළවන පාසලකි. මේ වනවිට පාසලේ දරුවෝ දෙසීය තිස්‌පහක්‌ අධ්‍යාපනය ලබති. වලස්‌වැව පාසල ගොඩනැගූ දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා ඒ දුෂ්කර වු සද්ක්‍රියාව ගැන අපට කියන්නේ මෙසේය.

“මං දැනගෙන හිටියා මට තියෙන අභියෝගය ගැන. මං ඇවිත් හිටියෙ ඈවර කරන්න හදන පාසලකට. මේ වගේ ඉස්‌කෝලයක්‌ ගොඩනගන එක ඉතාම සරල දෙයක්‌ නෙමෙයි. මොකද ආකල්පමය වශයෙන්ම ඉස්‌කෝලෙ මිනි

Local Gossip