Home දේශිය පුවත් “මේ අම්මා මුහුණ දුන් ලොකුම ඔපරේශන් එකට යන්න කලින් ගත්තු අවසාන පිංතූරේ..”...

“මේ අම්මා මුහුණ දුන් ලොකුම ඔපරේශන් එකට යන්න කලින් ගත්තු අවසාන පිංතූරේ..” යකඩ ගැහැනියක් වූ ඇය අවසන්වරට ඔහුට කිව්වේ එපමණයි..

0
104

අම්මෙකුගේ ශක්තිය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.. ඔහුටත් ඉන්නේ අන්න ඒ වගේ ශක්තිවන්ත මවක්..

ඇය දැන් ඔහු ළඟ නැති වුණත්, ඒ මතක හැමදාම ඔහු ළඟ තියේවි..

පූර්ණ කීර්ති ද අල්විස්.. ඔහු ඇගේ නික්මයාමෙන් දවස් කිහිපයකට පසු මවගේ ඡායාරූපයක් එක්ක එක්කරලා තිබුණේ තවත් වෙනස් විදිහක සටහනක්..

“අම්මා සිරාම යකඩ ගැහැණියක්,
මේ අම්මා මුහුණ දුන් ලොකුම ඔපරේශන් එකට යන්න කලින් ගත්තු අවසාන පිංතූරේ.
එදා වෛද්‍යවරු කිව්වේ අම්මගේ ජීවිතේ බේරගන්න කරන ඔපරේශන් එක ඉතා අවදානම් බවත් එය සිදු කිරිමට අපේ අවසරය අවශ්‍ය බවත්.
මම එයට අත්සන් කරාට පස්සේ අම්මා හරි සැහැල්ලුවෙන් මට මෙහෙම කිව්වා.
“පුතේ මට යන්න වුණොත්, තාත්තගෙ අත් අකුරු එක්කම ඉතිහාසය තැනක තියෙනවා. ඒවා ලැබෙයි ඔයාට, මොක්කු මොක්කු මොනව කිව්වත් අර ටික ඇති ඔයාට ඇත්ත කෑ ගහල යකඩ හයියක් ගන්න..”
ඉතිං අම්මා යකඩ ගැහැණියක්.
හැබැයි මම සුනාමියක්……………”

Previous article‘ සඳලතා පායලා..’ ජීවත්වීමට වෙර දරන ඈ වෙනුවෙන් රටම දන්න සංගීතවේදී කීර්ති පැස්කුවෙල් තැබූ සංවේදී සටහන මෙන්න
Next articleකොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights