මම ජන­ප්‍රි­යම නිළිය සම්මා­න­යෙන් පිදුම් ලබන දෙවැනි අව­ස්ථාව මිෂෙල් දිල්හා­රා

මම ජන­ප්‍රි­යම නිළිය සම්මා­න­යෙන් පිදුම් ලබන දෙවැනි අව­ස්ථාව මිෂෙල් දිල්හා­රා

නාමලී ගමගේ

ලැබෙන ඕනෑම චරි­ත­ය­කින් ප්‍රේක්ෂක ආද­රය දිනා­ගත හැකි දක්ෂ රංගන ශිල්පි­නි­යක් ලෙස මිෂෙල් දිල්හා­රාට ඇත්තේ සුවි­ශේෂී පිළි­ගැ­නී­මකි. පසු­ගි­යදා ‘ලලයි ලිලයි ලයි‘ ටෙලි නිර්මා­ණයේ ‘මිලා‘ගේ චරි­තය ඔස්සේ අසී­මි­තව ප්‍රේක්ෂක ආද­රය දිනූ ඇය මේ දින­වල රොන් සොයාහි හස­රැලි ලෙසින් ඊට නොදෙ­වෙනි ආද­ර­යක් ලබ­න්නීය.

කැලීන් Popular Awards සම්මාන උලෙළේ ජන­ප්‍රි­යම නිළිය වුණේ ඔබ. ඔබ එම සම්මා­න­යෙන් පිදුම් ලබන දෙවැනි අව­ස්ථාව. මොකද හිතෙන්නේ?
ඇත්ත­ටම ගොඩක් සතු­ටුයි. මම ජන­ප්‍රි­යම නිළිය සම්මා­න­යෙන් පිදුම් ලබන දෙවැනි අව­ස්ථාව මේක. මඟ­තො­ටදි හමු­වෙලා කතා­බහ කරන, මං වෙනු­වෙන් ලයික්, කමෙන්ට්, ශෙයාර් කරන හැම කෙනෙ­කු­ටම ගොඩක් ස්තුතියි. ඒ අය නිසා තමයි මට මේ සම්මා­නය ලැබෙන්නේ. ඒ වගේම Popular Awards නිර්මාතෘ ගීතාං­ජන ද කොස්තා මහ­තා­ටත්, ගරු විනි­ශ්චය මණ්ඩ­ල­ය­ටත් මං ස්තුති­වන්ත වෙනවා මේ සම්මා­නය සඳහා මාව නිර්දේශ කිරීම සහ තෝරා­ගැ­නීම සම්බ­න්ධ­යෙන්.

ඔබ මොන චරි­තය කළත් පුදු­මා­කාර විදි­හට ප්‍රේක්ෂක ආද­ර­යක් ලැබෙ­නවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ වගේ ආද­ර­යක් ලබන්න මං වාස­නා­ව­න්තයි වගේම ඒ වෙනු­වෙන් මං ලොකු කැප ­කි­රී­මක් කර­නවා. ගොඩක් වෙලා­වට ෂූටිං යන්නෙ පාන්දර 3ට 4ට. පාන්දර 12 පහු­වෙ­න­කම් ෂූට් කරන්න වෙන අව­ස්ථාත් තියෙ­නවා. ගෙදර අයගේ විශේ­ෂිත දින­ව­ලට පවා සම්බන්ධ වෙන්න බැරි වෙන අවස්ථා තියෙ­නවා. ඒත් මඟ­තො­ටදි හමු­වෙලා කතා­බහ කරන අය, පාස­ල්ව­ලදි මුණ­ගැ­හෙන දරු­වන්ගේ ආද­රය, සමාජ මාධ්‍ය­වල මං වෙනු­වෙන් වැටෙන comment නිසා මගේ ඒ සිය­ලුම විඩා­වන් නැති­වෙලා යනවා. තව තවත් මගේ ගම­නට ශක්තිය ලැබෙ­නවා.

මේ දින­ව­ලත් ඔබ කාර්ය­බ­හු­ලයි නේද?
ඔව්. මේ දව­ස්වල රොන් සොයා නාට්‍යයේ රූගත කිරීම් දිග­ටම කෙරී­ගෙන යනවා. ඒ වගේම අදි­රන් සින­මා­ප­ටය රිලීස් කිරීමේ වැඩ­ව­ල­ටත් සම්බන්ධ වෙනවා. තවත් නිර්මාණ තුන­කට ආරා­ධනා ලැබි­ලත් තියෙ­නවා. එක ඩ්‍රාමා එකක ෂූටිං මේ මාසේ පටන් ගන්නවා.

මිලාට වගේම ආද­ර­යක් මේ දව­ස්වල හස­රැ­ලි­ටත් ලැබෙ­නවා නේද?
අනි­වා­ර්ය­යෙන්ම. හස­රැලි කියන්නේ මේ වෙන­කම් කරපු චරි­ත­ව­ලට වඩා වෙනස් චරි­ත­යක්. හස­රැ­ලි­ටත් ගොඩක් ආද­රය ලැබෙ­නවා. ජීවන අර­ග­ලය සහ පවුලේ බර කරට ගන්න අක්කා කෙනෙ­කුගේ චරි­ත­යක්. අද සමා­ජ­යේත් ගොඩක් ඒ වගේ අය ඉන්නවා. මම සම­හර ආය­ත­න­වල ප්‍රෝගෑ­ම්ව­ලට ගියාම ගොඩක් ගෑනු ළමයි කිය­නවා හස­රැලි එයා­ලගෙ ජීවිත කතා­වට සමා­නයි කියලා. නිවන්ත ප්‍රසාර සර් කිය­න්නෙත් සමා­ජයේ කතා කළ­ යුතු නමුත් කතා නොක­රන සමාජ කොටස් ගැන කතා­ක­රන්න උත්සාහ කරන කෙනෙක්. ඔහු ඒ හරහා දෙන සමාජ පණි­වි­ඩ­යට මම ගොඩක් කැම­තියි. මමත් පහු­ගිය අවු­රුදු ගාණෙම “සමාජ අදෘ­ශ්‍ය­මා­න­තා­වය මිත්‍යා­වක් නොව එය පව­ති­න්නක්” කියන මගේ පොත හරහා කතා කරන්නේ ඔය දේමයි. ඒ පොතේ සඳ­හන් ගොඩක් චරිත මේ නාට්‍ය ඇතු­ළෙත් ඉන්නවා. ඒ වගේ චරි­ත­යක් නිරූ­ප­ණය කරන්න ලැබීම මටත් ලොකු අත්දැ­කී­මක්.

ඔබේ ගීත­යක් බොහෝ ප්‍රති­චාර ලබ­මින් පහු­ගිය දව­ස්වල සමාජ මාධ්‍ය­වල ශෙයාර් වුණා. ඒ අත්දැ­කීම කොහො­මද?
‘රොන් සොයන්න බඹරු ඇවිත් නේදෝ’ මගේ පළමුවැනි ටෙලි­නාට්‍ය ගීතය. රොන් සොයා අධ්‍ය­ක්ෂ නිවන්ත ප්‍රසාර සර් මේ ගැන මට මුලින්ම කිය­න­කොට නම් හිතේ පොඩි චකි­ත­යක් ඇති­වුණා. මම ඒ වෙන­කොට විශා­රද ප්‍රථම විභා­ගය විත­රයි කරලා තිබුණේ. මධ්‍යම විභා­ග­යට ලෑස්ති වෙන­ග­මන් හිටියේ. සංගී­ත­වත් කළේ අශාන් ප්‍රනාන්දු අයියා. රචනා කළේ නිවන්ත ප්‍රසාර සර්. හිතු­වට වඩා ලොකු පරා­ස­යක මේක විහි­දුණා. ටික් ටොක්වල අති­වි­ශාල වීඩියෝ ප්‍රමා­ණ­යක් හදලා තිබුණා. ඒ හැමෝ­ටම මම ගොඩක් ස්තුති­වන්ත වෙනවා. මට පුළු­වන් උප­රි­ම­යෙන් ඒ හැම වීඩියෝ එකක්ම මගේ pageවල දාන්න මං උත්සාහ කළා.

ළඟදි ඔබ බලන්න වැල්ල­වායේ ඉඳන් සිසුන් 200කට ආසන්න ප්‍රමා­ණ­යක් ඇවිල්ල තිබුණා නේද?
ඔව්. ඔව්. වැල්ල­වායේ ජන­ප්‍රිය මීඩියා ගුරු­ව­රි­යක් ඉන්නවා සුරේශි ඕම­ල්පගේ කියලා. ඇය දව­සක් මට කෝල් කරල කිවුවා ඇගේ පන්තියේ ළමයි 200කට ආසන්න පිරි­සක් කොළඹ ට්‍රිප් එකක් එනවා. එයාල ඔයාව හමු­වෙන්න ලොකු ආසා­ව­කින් ඉන්නේ. ඒකට අව­ස්ථා­වක් දෙන්න පුළු­වන් ද කියලා. මම හරිම කැමැ­ත්තෙන් එකඟ වුණා. නමුත් ඒ ටීචර් එදා ඒක සූදා­නම් කරල තිබුණේ ඒ ළම­යින්ට දෙන සප්‍ර­යිස් එකක් විදි­හට. විහා­ර­ම­හා­දේවී උද්‍යා­නයේ තමයි අපි මුණ­ගැ­හුණේ. එතැ­නදි මටත් ඒ අය එක්ක කතා කරන්න, පින්තූර ගන්න, විනෝද වෙන්න අව­ස්ථා­වක් ලැබුණා. ඒක මගේ ජීවි­තේට අම­ත­කම නොවන අත්දැ­කී­මක් වුණා.

පසු­ගිය දව­ස්වල ඔබ ඉන්දි­යානු මහ­කො­ම­සා­රි­ස්තුමා එක්ක ව්‍යාපෘ­ති­යක් කළා නේද? මොකක්ද ඒ?
ලෝක පරි­සර දින­යට සම­ගා­මීව ඉන්දි­යානු මහ­කො­ම­සා­රිස් සන්තොෂ් ජා මහතා සහ ඔහුගේ බිරිය තනූජා ජා මහ­ත්මිය සමඟ රුක් රෝපණ වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්වූවා. දෙරට අතර පව­තින පාරි­ස­රික ගැටලු අවම කරන්න අපට ලබා­ දිය හැකි දාය­ක­ත්වය සහ පාසල් හා විශ්ව­වි­ද්‍යාල මට්ට­මින් කළ හැකි ව්‍යාපෘති මොන­වද කිය­ලත් සාකච්ඡා කළා. එදා අපි සංකේ­තා­ත්ම­කව තමයි රුක් රෝපණ වැඩ­ස­ට­හන ආරම්භ කළේ.

Local Gossip