Home දේශිය පුවත් මේක නම් අදහාගන්නත් බෑ.. වසර 13කට පෙර අතුරුදන්ව තිබූ මංගල මුදුව කැරට්...

මේක නම් අදහාගන්නත් බෑ.. වසර 13කට පෙර අතුරුදන්ව තිබූ මංගල මුදුව කැරට් අලයක් තුල තිබී නැවත හමුවෙයි..මේ ඒ ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව.

0
98

ඇය හිතන්නට ඇත්තේ කවදාකවත් ඒ මුදුව ඇයට නොලැබේවි කියා වෙන්න ඇති.

ඒත් නොසිතූ මොහොතක නොසිතූ විදිහකට ඒ මංගල මුදුව ඇය ළඟටම ආයෙත් ඇවිත්.වසර 13කට පෙර වත්ත වල් නෙළමින් සිටියදී අහිමි වූ දියමන්ති සහිත මංගල මුදුවක්, තමන් සිතූ පරිදිම එය සදහටම නැති වූ බව විශ්වාස කළ කාන්තාවකට නැවත හමුවීමේ පුදුමාකාර සිද්ධිය වාර්තා වෙන්නේ කැනඩාවෙන්.

මරී ග්‍රාම්ස් නම් කැනේඩියානු කාන්තාව 2004 වසරේදී තම නිවසේ එළවළු වත්තේ වල් නෙළමින් සිටියදී ඇගේ දියමන්ති මංගල මුදුව නැති වී තිබෙන්නේ මීට වසර ගණනකට ඉහතදීයි.

දැඩි සෙවීමකින් පසුවත් එය සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇය සිතුවේ එය පසට එකතු වී සදහටම අහිමි වූ බවයි. මුදුව නැතිවීම ගැන ඇය තම සැමියාට පවා නොකියා එය රහසක් ලෙස තබාගෙන තිබුණා.

එහෙත්, වසර 13කට පසුව, එනම් 2017 වසරේදී, මෙම ඉඩමේ පදිංචි ඇගේ ලේලිය වූ කොලීන් ඩේලි රාත්‍රී ආහාරය සඳහා එළවළු වත්තෙන් කැරට් අස්වැන්න නෙළමින් සිටියා. අමුතු හැඩයක් ගත් කැරට් ගෙඩියක් දුටු ඇය එය සෝදන විට, කැරට් ගෙඩිය වටා ඔතාගෙන තිබූ වළල්ලක් දැක පුදුමයට පත් වුණා.

එය වෙන කිසිවක් නොව මීට වසර 13කට පෙර මරී ග්‍රාම්ස්ට අහිමි වූ දියමන්ති මංගල මුදුවයි.

මුදුව පසට වැටී තිබියදී කැරට් අලය ඒ වළල්ල මැදින් වැඩී තිබීම නිසා මෙලෙස පුදුමාකාර ලෙස නැවත හමුවීම ඔවුන්ටත් අදහාගන්න බැරි පුවතක් වුණා.

මෙම අතිශය දුර්ලභ සිදුවීමෙන් පුදුමයටත්, දැඩි සතුටටත් පත් වූ මරී ග්‍රාම්ස් කියා සිටියේ වසර ගණනාවකට පසු නැවතත් තම ඇඟිල්ලට මුදුව පහසුවෙන් පැලඳීමට හැකි වූ බවයි.

Previous articleකලා ලොවේ අපි කව්රුත් ආදරේ කරන තාරකාවන් ටික දෙනෙක් ගැන ඇසෙන මේ ආරංචිය මොකද්ද…
Next articleවසර 20කට පසු අදත් ඇයට ඒ මතකය අලුත් වෙන්න ඇති.. ඩිලානිගෙන් ආදරණීය සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights