Home Uncategorized ගෙදරක ලුණු පොල් කට්ටක් තියෙන්න ඕනේ මෙන්න මේ නිසා.. ගෙදරක ලුණු නැති...

ගෙදරක ලුණු පොල් කට්ටක් තියෙන්න ඕනේ මෙන්න මේ නිසා.. ගෙදරක ලුණු නැති වුනොත් වෙන දේ මෙන්න

0
44

නිවසේ ලුණු පොල් කට්‌ට හිස්‌ නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක්‌ ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය.

ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි.

සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි. මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය.

නිවසේ සැමියා – බිරිය දරුවන්ගේ හැසිරීම් රටාව කියාපාන හොඳම සංකේතයකි ළිප ළඟ තිබෙන ලුණුපොල්කට්‌ටය.

පොල්කටුවේ මදක් ලොකුවට ඇති පිරිමි බෑය ලුණු පොල්කට්ට ලෙස ගන්නා ලදී. එයට ලුණු කැට දමා වතුර දමා පාවිච්චි කළ අතර එය තබා තිබුණේ ළිප ළඟ. ඒ වටේට ලුණු බැඳිලා.

අද බොහෝ ගෙවල්වල ලුණු පොල්කටුව නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේස ලුණු. ලුණු වතුර දැමූ වීදුරු බෝතලයක්. ඉස්සර වෑංජනයට දැම්මේ ලුණු වතුර. දැන් ලුණු කුඩු. වංගෙඩි මෝල්ගස් මිරිස් ගල දැන් ඇතැම් මුළුතැන්ගෙවල්වල නැති තරම්. ගෘහණියට ඒවා සමඟ හැප්පෙන්න වෙලාවක් නැහැ.

ලුණු පොල් කටුවේ දිය හිඳී යාමට ඉඩ නොතැබිය යුතු අතර අඹු සැමියන් හා ඇවැස්ස නෑනෝ මස්සිනෝ අතර හැර ගැහැනු පිරිමි අතින් අතට ලුණු නොදෙති.

එසේ වූ විට ඊළඟ ආත්මයේ ඔවුන් අඹු සැමින් වන බව ගමේ ඇත්තෝ විශ්වාස කළහ. මේ විශ්වාසය නිසාම සිදු නොවිය යුතු සම්බන්ධයක් ඇතිවූ විට ඔවුන් එය හඳුන්වන්නේ ‘ලුණු ඉරණම’ කියා ය.
(උපුටාගැනීමකි)

Previous article“ලෝකය වෙනස් කරන්න කිරුළක් ඕනම නෑ… දැනටමත් ඇය නිසා අපි දිනලා ඉවරයි” බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින ගැන ඔවුන් කියන්නේ එහෙමයි.
Next articleමීයෝ ගෙදර වනසනවා නම් විසඳුම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights