Home Uncategorized බත් ඩිංගක් කනකොට හොදිත් දාගෙන කන්න කියන්නේ මෙන්න මේ නිසා.

බත් ඩිංගක් කනකොට හොදිත් දාගෙන කන්න කියන්නේ මෙන්න මේ නිසා.

0
85

බත් ඩිංගක් එක්ක හොදි ගොඩක් කන්න ඕන ඇයි? හොදි වර්ග කියන්නෙ ලංකාවෙ අපිට නුහුරු දෙයක් නෙවෙයි. කෑමට හොදි වර්ගයක් එකතුකරගත්තට අපි ඔය හොදි ටික කෑමට ගන්නවද නැත්තම් සින්ක් එකට හලලා දානවද? ගොඩක් වෙලාවට අපි ඒක බඩට දාගන්නෙ නෑ.
හොදි කීවම කිරි හොදි, වැටකොලු පතෝල නෝකෝල් එතකොට පරිප්පු හොදි අලහොදි මේවගෙ සුදට හදන හොදි වර්ග ගොඩක් අයිතියි.
හොදි වල ගුණ තමයි ,
☘️ අපේ බඩට හොදි ටිකක් වැටෙන එක පෝෂණ ගුණයෙන් ඉහලයි, පොල්කිරි තියන නිසා බඩේ හැදෙන සියලු ලෙඩ වලට ගුණදායකයි, කෑම හොදින් දිරවනවා, පෝෂක අවශෝෂණය වැඩිකරනවා, උගුරට එන එක, බඩ පිපුම වගෙ දේවල් නැති කරනවා.මල බද්ධය ඇතිවීම වලක්වනවා , පහසුවෙන් මල පිටකරනවා. අම්ල පිත්ත රෝගය නොහැදි ඉන්න පුලුවන් නිතරම හොදි වර්ග ආහාරයට ගන්නවා නම්..
ගොඩක් වෙලාවට කෑම කන්නත් කම්මැලි අය ඉන්න අපේ රටේ හොදි පොඩ්ඩක් බත් එකෙ තියනවට අකමැති නිසා , ගනකමට ආහරය බඩට දාගන්න එක තමා කරන්නෙ. උගුරෙන් පහලට යවාගන්නත් අමාරුයි කෑවමත් අමාරුයි.හැබයි කෑමෙන් පස්සෙ ඉතිරි වෙන හොදි ටික බඩට දාගෙන බලන්න වෙනස කොච්චර ක් ද කියලා. අපහසුවක් නැතුව නින්ද පවා යයි.. ❤️ බඩ වෙනම උස්සන් ඉන්න ඕනත් නෑ. කෑවම සැහැල්ලුයි.. .
වෙනම හොදි හදන්න බැරි පොල්කිරි හොද්දක් හරි හදාගන්න. හැමෝම දන්නව ඇති කියලා හිතනවා කිරි හොද්ද හදන හැටි. උලුහාල් කරපිංචා එහෙම දාලයි හදන්නෙ 🙃
අද ඉදන් දවසෙ එක කෑම වේලක් හරි නිවිසැනසිල්ලෙ කන ගමන්, බත් පිගානෙ තියන හොදි ටික කොයි ක්‍රමෙන් හරි බඩට දාගන්න අමතක කරන්න එපා. 😀
සටහන
ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය)

copied..

Previous articleමෙච්චර කල් හෙයා පැක් පවිච්චි කරාට අද තමා හරියටම දැනගත්තේ හෙයා පැක් එකකින් මේ තරම් දේවල් කොණ්ඩෙට ලැබෙනවා කියලා..
Next articleඋණ නැතුවත් උණ වගෙ දැනෙන පිත නිසා ඇතිවන හිස කැක්කුම නිට්ටාවටම සුව කරගන්නේ මෙහෙමයි…
error: Content is protected !!
Verified by MonsterInsights