Home දේශිය පුවත් පෙමට පිටුපෑ පෙම්වතියට මේ තරම් දඬුවමක්..? ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලාකදී සිදුවූ ඒ සිද්ධිය...

පෙමට පිටුපෑ පෙම්වතියට මේ තරම් දඬුවමක්..? ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලාකදී සිදුවූ ඒ සිද්ධිය සම්බන්ධ‍යෙන් වෙනස්ම කතාවක් එළියට..

0
399

 

කලක පටන් තිබූ පෙමක් එකවර නවතා දැමූ තරහට මේ තරම් දඬුවමක්..?

කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක තරුණියගේ ජීවිතය උදුරාගත් ඒ සිද්ධිය ගැන අද ඇසෙන්නේ වෙනස්ම කතාවක්..

කහ­තු­ඩුව ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා බිම­කදී එහි සේව­ක­යෙක් සේවි­කා­ව­කගේ ගෙල කපා ඝාත­නය කර ඇති පුවතක් ඊයේ දින බොහෝ දෙනාගේ හිත සසල කළ සිදුවීමක් බවට පත්වුණා. මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ බුල­ත්සිං­හල ගෝවින්න නාරා­ගල වෙද­ගෙ­වත්ත පදිං­චිව සිටි එම ඇඟ­ලුම් කර්මාන්ත ශාලාවේ කණ්ඩා­යම් නායි­කා­වක ලෙස රැකි­යාව කළ එල්. ආර්. ගිම්හානි පෙරේරා නමැති අවි­වා­හක තරු­ණි­යක් බවයි අනාවරණ වී ඇත්තේ. ඇය මියයන විට 25 වැනි වියේ පසුවුණා.

ඝාත­නය සිදු­කළ බව කියන ඇඟ­ලුම් ආය­ත­නයේ සහා­ය­ක­යකු ලෙස රැකි­යාව කළ විවා­හක සේව­කයා ඝාත­න­යෙන් අන­තු­රුව පලා­ගොස් තිබුණා. ඊයේ (04) පෙර­ව­රුවේ තරු­ණිය රැකි­යා­වට වාර්තා කිරී­මට ඇඟ­ලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රධාන දොර­ටු­වෙන් ඇතුළු වී අත්බෑ­ගය තැබී­මට වෙන්කර තිබෙන කොටස කරා පා ගම­නින් යමින් සිටි­යදී සැක­කරු තරු­ණිය හා ඇතිවූ බහින් බස්වී­ම­කින් අන­තු­රුව මේ ඝාත­නය සිදු කර­න්නට ඇතැයි පොලී­සිය සැකපළ කරනවා.

ඝාත­න­යට යොදා ගත් බවට සැක කරන ලේ තැව­රුණු උල් පිහි­යක් පොලී­සිය මඟින් සොයා­ගෙන ඇති අතර, ඝාත­න­යට ලක් වූ තරු­ණිය ඉකුත් වසරේ පෙබ­ර­වාරි මස 18වැනි දින ඇඟ­ලුම් ආය­ත­නයේ රැකි­යා­වට පැමිණ ඇති අතර ඝාත­නය සම්බ­න්ධ­යෙන් සැක කරන පුද්ග­ලයා රැකි­යා­වට පැමිණ ඇත්තේ 2024 වසරේ අගෝස්තු මස 6 වැනි දින බව පොලී­සිය කළ මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙනවා. බදුල්ල කැප්පෙ­ටි­පොළ පදිං­චි­ක­රු­වකු වන එම පුද්ග­ලයා විවා­හක පුද්ග­ල­යකු වන අතර කහ­තු­ඩුව, ප්‍රගති මාවත, උක්කො­ටුව පාර තාව­කා­ලි­කව පදිං­චිව සිට රැකි­යාව කරා පැමිණ ඇතැයි පොලී­සිය පවසන්නේ.

මොවුන් දෙදෙනා අතර මීට වස­ර­කට පමණ ආසන්න කාල­යක සිට ප්‍රේම සබ­ඳ­තා­වක් හට­ගෙන ඇති අතර දින කීප­යක සිට තරු­ණිය සැක­කරු හා කතා නොකර මඟ­හැර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙනවා.

තරු­ණි­යගේ ගෙල කැපී­මෙන් අන­තු­රුව සැක­කරු එම ස්ථාන­යෙන් පලා ගොස් තාව­කා­ලික නවා­තැ­න්ගෙන සිටින නිවෙස කරා ගොස් ඇඳුම් බෑග­යක් රැගෙන එම ස්ථාන­යෙන්ද පලා ගොස් ඇතැයි පොලී­සිය කළ වැඩි­දුර විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය කරගෙන ඇති අතර, බර­ප­තළ තුවාල ලද තරු­ණිය වෑතර දිසා රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් තිබෙනවා.

තරු­ණි­යගේ ගෙල ප්‍රදේ­ශ­යට බර­ප­තළ තුවාල සිදුවී ඇති අතර,කහ­තු­ඩුව පොලී­සිය සිද්ධිය සම්බධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Previous articleමියදෙන බව දැන දැනත් මිනිස්සු මෙච්චර ලෝබ නම්… ජීවිතයේ වටිනාකම ගැන රටම ආදරේ පියුමි කී ඒ කතාව මෙන්න
Next article“අපිව දැකල දැකල මිනිස්සුන්ටත් එපාවෙන කාලයක් එනවනේ..” ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය ඇය, මොකද මේ කියන්නේ..?
error: Content is protected !!
Verified by MonsterInsights