Home දේශිය පුවත් මෙය ඉතාම සූක්ෂ්ම සැත්කමක්.. රෝගියාගේ හදවත 20%ක් පමණ වැඩ කරමින් තිබුණේ..“ මෙරට...

මෙය ඉතාම සූක්ෂ්ම සැත්කමක්.. රෝගියාගේ හදවත 20%ක් පමණ වැඩ කරමින් තිබුණේ..“ මෙරට ප්‍රථම වරට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ විශ්මිත සැත්කම..

0
87

ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ගෙල ප්‍රදේශයේ එවන් බරපතළ සැත්කමක් කළ ප්‍රථම අවස්ථාව මෙන්ම ආහාර ගිලීමේ සංකූලතා නොවන ස්ටෑන්ඩලෝන් කේජ් නම් උප්ස්කරණය සවිකළ මෙරට ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍ය චානක මහතා එහිදී පැවසීය.

මීට පෙර අවස්ථාවේදීද වෛද්‍ය චානක මහතා මෙවන් ලංකාවේ ප්‍රථම වරට සිදුකළ සැත්කම් කීපයක් රටේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්විය.

මැලේසියාව ආදී රටවල් කීපයකම වෛද්‍ය ව්ශ්ව විද්‍යාල කිහ්හිපයකම පුහුණු කරුවෙකු උපදේශකයෙකු වූ චානක මහතා රටවල් කිහිපයකම ඉතා අවදානම් සැත්කම් සඳහා නිතර කැඳවීම් ලද වෛද්‍යවරයෙකි.

කෙසේවෙතත් සැත්කමට භාජනය වූ රෝගියාද ඇවිදගත නොහැකිව දෑත් හරිහැටි ක්‍රියාකළ නොහැකිව තිබූ හදවත සියයට 20ක් පමණ ක්‍රියාත්මක වූ අයෙකු වුවත් මේ වනවිට ඉතාම නිරෝගීව පසුවන බවද පැවසූ වෛද්‍ය චානක මහතා මෙවන් ශල්‍යකර්ම සඳහා නොබියව පැමිණෙනලෙස එතුමා ආරාධනා කළේය.

SHARE කරන්න. අසනීපෙන් ඉන්න ලෙඩෙකුට පිහිටක් වෙයි 🙏

Previous articleතමන්ගේ ගෙදර වතුරෙන් යට වෙද්දි, දහස් ගාණකට කන්න හදලා දුන්න ප්‍රසිද්ධියට අකමැති ගම්පොළ ප්‍රගාෂ්.
Next article“මයෙ හයිය කොල්ලට පණටත් වඩා ආදරෙයි අප්පච්චි..” ඒක නම් ඇත්තටම හරිම ආදරණීය සටහනක්..
error: Content is protected !!
Verified by MonsterInsights