එක් එක් හිසරදයන් හටගැනීමට හේතුවන සාධක තවමත් නිසි අයුරින් හඳුනාගෙන නැති බව කිවහොත්, එය නිවැරදියි. මොළයේ හටගන්නා ඇතැම් වෙනස්කම් මෙන්ම, පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා ඇතැම් ජාන සමග හිසරදයන් වල සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම, ඇතැම් අයට වෙහෙසකර බව, දීප්තිමත් ආලෝකයන්, කාළගුණ වෙනස්වීම්, සහ වෙනත් සාධක මගින් ඉරුවාරදය හටගැනීම උද්දීපනය වන අවස්ථා ද පවතිනවා.
ඇහැ පොඩ්ඩක් නටනවා වගේ සමහර වෙලාවට ඔයාට දැනෙන්න පුළුවන්. මේවා තමයි ඒ රෝගයේ ලක්ෂණ. ඉරුවාරදය. මෙයින් පෙළෙනවා නම්, මේ වෙනකොට ඔබත් මහත් පීඩාවට පත්වෙලා ඇති. එහෙම් ඒකෙන් මිදෙන්න ඔයාටත් මේක හොඳ විසඳුමක් වේවි. ඔයාත් දන්නාවා නම් හරියටම තියන ලෙඩේ මේකයි කියලා මේ ක්‍රමවේද ඔයත් අත්හදා බලන්න.
ඉරුවාරදයට පුරාණයේ පටන් දේශීය වෛද්‍යවරු දැන, අත්දැකීම් සහිතව නිර්දේශ කරන අත් බෙහෙත් හරි හැටි කළොත් ඔබට සහනයක් ලබාගත හැකියි.
1. සූරියකාන්ත මල්, ඇට, එම කොළ යුෂින් අඹරා නළල් තලයේ පැලැස්තර එළීම එක් ක්‍රමයක්. සහනයක් ලැබෙනවාමයි.
2. සියඹලා කොළ කොටා තිරිවාණා ගල්කුඩු සමඟ පොට්ටනි බැඳ කබලේ රත් කරගෙන නළල් තලය හොඳින් තවන්න.
3. තිප්පිලි මුල්, බෙලි මුල්, සුදුලූනු, ඉඟුරු, නිකමුල්, කළන් 2යි, මංචාඩි අට බැගින් වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි සමඟ බොන්න.
4. සුදුහඳුන්, වියළි ඉඟුරු, වදකහ, සුවඳ කොට්ටන් කුඩු සමව ගෙන ඇල් දියෙන් අඹරා, ඇත්නම් තනකිරි ස්වල්පයක් රෙදි පටියේ හා නළලට එළා ඉහත බෙහෙත ගාන්න.
5. විලඳ, නෙල්ලි, රසකිඳ, තිප්පිලි, වියළි ඉඟුරු සමව ගෙන චූර්ණ කර වරකට කළං 2 බැගින් සීනි, මීපැණි, තල තෙලින් අනා ගිල, නිවුණු උණු වතර බොන්න.
6. කටුවැල් බටු කළං 12ක් වතුර පත අට එකට සිඳුවා බොන්න.
7. අස්වැන්න, එළබටු, කටුවැල්බටු, පොල්පලා, අමු ඉඟුරු කළං 2යි මදටිය 8 බැගින් වතුර පතට සිඳුවා විලඳ කළං 1ක් දමා, යළි පත 2ට සිඳුවා සීනි, මීපැණි දමා උදේ සවස බොන්න.
ඒත් එක්කම හැබැයි උෂ්ණාධික ආහාර පාන හොඳ නෑ.. ඇඟ සිසිල් වන ආහාර පමණයි ගත යුතු වන්නේ..
ඇට වර්ග, ගෙඩි වර්ග, පලතුරු වැනි ආහාර පාන ගැනීම සුදුසුයි. සිසිල් ආහාර පාන විශේෂයි.. තල වගේ දෙයක් ආහාරයට ගැනීම ඉතා ගුණයි. කොහොම වුණත්, ඔබට නිවෙසේදී මේ රෝගයට ප්‍රතිකාර ලෙස මේ අත්බෙහෙත් අත්හදා බලන්න පුළුවන්.
අන්තර්ජාලය ඇසුරෙන්..
