Home තරු ගොසිප් “තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ නිර්මාණ ඇති, ඇයගේ ඒ ප්‍රතිරූපය...

“තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ නිර්මාණ ඇති, ඇයගේ ඒ ප්‍රතිරූපය විනාශ කරන්න එපා…” ඔහු මුහුණු පොතට එක් කළ සටහන

0
5

”මෙරට වටිනාම රංගන ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය වළක්වන්න. ඇයට ජීවිත කතා අනවශ්‍යයි.”
හෙළ සිනමාවේ නිලි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා රංගවේදිනියගේ ජීවිත කතාව අලලා නිර්මාණය කිරීමට සැලසුම්ව ඇති සිනමා නිර්මාණය පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පි ලකී ඩයස් හඬ අවදි කරයි…

”මම සාමාන්‍යයෙන් Social Media ඇතුලෙ දකින්නට නැති, දඟලන්නේ නැති කෙනෙක්.
ඒත් මේක පෝස්ට් කරන්නේ, අපේ ආත්මාර්ථකාමී, ගොන් රැල, මෙරට වටිනාම රංග ශිල්පිණිය වූ ඇයට කරන්න යන විනාසය පෙනෙන මානයේ තිබෙන නිසාය. පුළුවන් නම් වළක්වා ගැනීමටය.
දැනටමත් වටිනාම දෙතුන් දෙනෙක්ගේ ජීවිත, එවැනි ඉරණම් වලට ලක්ව ඇති බවත් ආරංචියි. පුළුවන් අය, විශේෂයෙන් පවුලේ අය, මැදිහත්වී ඇයගේ ප්‍රතිරූපයට වන්නට යන විනාසය වළක්වන්න.
තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි.
Biopic අනවශ්‍යයි.
ආත්මාර්ථකාමී, බොරු ආදර හැඟීම් පෙන්නන, ගොබ්බ බයිස්කෝප් කාරයින්ටයි මේ ආයාචනය.”

Previous articleඅවුරුද්දට ගෙදර එන නැදෑයින්ට කන්න රසම රස කැරමල් කේක් පුඩින් එකක් හදලා දෙමුද ?
Next articleතායිලන්තයම රත් කරමින් සෝෂල් මීඩියා කැළඹූ ප්‍රවීණාගේ Hot ෆොටෝෂූට් එක මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights