Home Uncategorized දියුණු වෙන්න කැමති අය සැලරි එක ලැබුනාම මෙහෙම කරලා බලන්න.. ඉතුරු කරනවා...

දියුණු වෙන්න කැමති අය සැලරි එක ලැබුනාම මෙහෙම කරලා බලන්න.. ඉතුරු කරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි කියලා ඔයාටත් තේරෙයි

0
113

පඩිය ගත්තට කිසිම ඉතුරුවක් නැද්ද? එහෙනම් කියවන්න..
හැමෝටම හම්බ කරන්න පුලුවන්. ඒත් ඉතුරු කරන්න බෑ. මොකද හම්බෙන සල්ලි කළමණාකරනය කරන්න පුලුවන් කෙනා විතරයි දියුණු වෙන්නේ. අපි හැමෝටම අත් කකුල් ඇස කන නාසය ඔක්කොම තියනවා. කිසිම අඩුවක් නැතුව. අපි දන්නවා එහෙම අඩු පාඩු තියන අයත් ලොකු ලොකු තැන් වල ඉන්නවා. එහෙනම් අපිට ඇයි බැරි. පොඩ්ඩක්වත් හිතුවද ඒ ගැන. අපි හැමෝටම තියෙන්නේ එකම විනාඩිය. එකම පැය. එකම දවස..ඉතින් ඇයි අපි ඉස්සරහට යනකොට එකිනෙකා වෙනස් වේගයකින් යන්නේ.
පඩිය ගත්ත ගමන් නිකන් නාස්ති කරන්න එපා. පඩිය ගත්තට පස්සෙ කරන්න ඕනෙ දේවල් දන්නෙ නැද්ද? වියදම් කරන්න, ඉතුරු කරන්න දන්නෙ නැද්ද? එහෙනම් පහල තියෙන විදිහට කරලා බලන්න.
ඔයා මාසික පඩිය ගත්තම ඒක 3කට බෙදන්න.
50% Needs
30% Wants
20% Savings
මේ විදිහට.
උදාහරණයට ඔයා රුපියල් 100,000 සැලරි එකක් ගන්නවා නම්,
50%ක් (50,000) අයින් කරන්න ඔබේ අවශ්‍යතා සඳහා. එනම් රෙන්ට් ගෙවන්න, ගෙදර කෑම බීම වලට, බිල් ගෙවන්න වගේ අවශ්‍යම දේවල් වලට 50%ක් අයින් කරන්න.
30%ක් (30,000) අයින් කරන්න ඔබට ඕනදේවල් කරන්න. ඔයා පාවිච්චි කරන ක්‍රීම් ගන්න, ශොපින් කරන්න, උත්සව වලට යන වියදම්, ට්‍රිප් යන්න සහ අනෙකුත් ඔබට ඕනකරන දේ ගන්න.
20%ක් (20,000) තියාගන්න ඉතුරු කරන්න. ඒක වියදම් කරන්නෙ නැතුව ඉතිරි කරන්න. හදිසි තත්වයක් උනාම ගන්න ඉතුරු කරන්න. ඉන්වෙස්ට් කරන්න තියාගන්න. බිස්නස් එකක් කරන්න ඉන්නවා නම් ඒක පටන්ගන්න ඉතුරු කරලා තියාගන්න.
ඔයාට මේක මුලින් කරන්න අමාරුවෙයි.
ඇත්තටම ඒකට හේතුව ආත්ම විශ්වාසය නැතිකම. අපේ අරමුණ අතරමඟදි වෙනස් වීම. අපි කොච්චර උනන්දුවෙන් දෙයක් පටන් ගත්තත් ටිකක් කල් යනකොට අපිට ඒ උනන්දුව නෑ. ඉතින් අපි වෙන පාරකට හැරෙනවා. කාලයක් යද්දි අපේ අරමුණ අමතකම වෙලා යනවා. ඒත් එකම අරමුණෙන් වැඩ කරන කෙනා හරිම වෙලාවට තමන්ගේ අරමුණට ගිහින් ගොඩ යනවා.
අරමුණ එකම විදියට තියාගන්නේ කොහොමද? ඔයාට යම්කිසි අරමුණකට යන්න ඕන නම් ඉස්සෙල්ලම මනස නිදහස් කරගන්න. ඒක ටිකක් අමාරුයි. ඒත් ඔයා දවස් 21ක් ඒක practice කලා නම් ඔයාට ඒක habbit එකක් වෙනවා. negative vibes අයින් වෙලා හැමදේම හොඳ විදියට දකින්න හුරු වෙනවා. එහෙම උනාම ඔයාට ඔයාගේ මනස නිදහස් කරගන්න පුලුවන්. ඊට පස්සේ අරමුණට යන එක හරිම පහසුයි.
ව්‍යාපාරයක් පටන්ගෙන කරගෙන යන්න නම්, අදාල විශය ගැන ඉගෙනගන්න. ඊට පස්සේ ඒක ගැන අත්දැකීම් ලබාගන්න. ඒ අතරෙම තමන්ට සුලු හෝ ආදායමක් ලබන්න පුලුවන්. ඒත් එක්කම තමන්ට ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය capital එක හදාගන්න.
ගොඩක් අය සල්ලි හම්බෙන්න පටන් ගත්තාම show off එකට මිනිස්සුන්ට පේන්න දේවල් කරනවා. ඒත් බිස්නස් එක මුල් කාලේ බිස්නස් එක වෙනුවෙන් වියදම් කරනවා මිසක් කිසිම දේකට මුදල් යොදවන්න එපා. අපිට අපේ අරමුණට යන්න නම් අපි අපේම බිස්නස් එක ගොඩදාගෙන ඉන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අපේ ව්‍යාපාරයට related දේවල් වලට invest කරන්න. ඒ හැමදේම හදාගත්තාට පස්සේ අපිට පුලුවන් අපි ආස දේවල් ගන්න වියදම් කරන්න. හැමදේම අපි කරන්න ඕන plan එකකට.
ගැහැණු ළමයින්ට පොඩි කාලේ ඉඳලම අරපිරිමැස්ම කියන එක පුරුදු කරනවා. ඒ නිසා පිරිමි
ළමයින්ටත් වඩා ගැහැනු ලමයි මුදල් කළමණාකරනය කරලා දියුණු වෙන්න පුලුවන්. හිතේ හැටියට වියදම් කරන්න නම් ඉස්සල්ලම හම්බ කරන්න. passive income එකක් එන විදියට බිස්නස් එක හදාගෙන ඊට පස්සෙ තමන්ට ඕන ජීවිතේ ගෙවන්න.
ජයවේවා!
අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.

Previous articleමට නොලැබුණ පිය සෙනෙහස මං මගේ දරුවට නොලැබෙන්න ඉඩ තියන්නෙ නැහැ – කත්‍රිනා කයිෆ්
Next articleදියවැඩියාව සුව කරන නිදිකුම්බා මේ තරම් ගුණයි කියලා ඔයා හීනෙකින්වත් හිතුවද ?
error: Content is protected !!
Verified by MonsterInsights