Home දේශිය පුවත් “අදටත් මන් පසුතැවෙනවා ඒක මගේ අත්වැරදීමකින් වුනාද කියන එක ගැන ” හදවත...

“අදටත් මන් පසුතැවෙනවා ඒක මගේ අත්වැරදීමකින් වුනාද කියන එක ගැන ” හදවත මොහොතකට නතරකරන කතාවක්

0
548

 

ජීවිතයේ අප කරන ඇතැම් සුළු අතපසුවීම් මුළු ජීවිත කාලයටම බලපාන දරුණු කරුණක් වේ යැයි කවුරුත් නොසිතන්නට ඇති.

සැලූන් එකක් පවත්වාගෙන ගිය මේ මවට මුහුණ දීමට සිදුවූයේ සිතාගත නොහැකි අන්දමේ අවාසනාවන්ත ඉරණමකටයි.

පුතා හමුවී සතුටින් නිවසට පැමිණි ඇය , නිවසේ තිබූ සැලූන් එකේ වැඩකටයුතු ආරම්භ කළා. ඒ අතරතුර, ඇයගේ වයස අවුරුදු එකහමාරක් වූ කුඩා පුතා නොදැනුවත්වම කොණ්ඩය කපන කතුරක් අතට ගෙන තිබුණේ එය සෙල්ලම් බඩුවක් යැයි සිතායි. ඒ සුළු මොහොතේදී සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ විපතකි.

කතුරෙන් සිදුවූ අනතුර නිසා එම දරුවාගේ දෑසට බරපතල හානි සිදුවුණා. දරුවාට වයස අවුරුදු හයක් වන විට එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වූ බවයි මේ මව වේදනාවෙන් පවසන්නේ. අදටත් එම දෑස දකින විට මවක් ලෙස ඇය ලබන වේදනාව වචනවලට පෙරළිය නොහැකියි.

“ඒ දේ මට වුණා නම් මීට වඩා හොඳයි” යනුවෙන් පවසන ඇය අදටත් දැඩි පසුතැවීමකින් පසුවනවා. මේ මානසික කඩාවැටීම නිසාම ඇයගේ ව්‍යාපාර කටයුතු පවා අඩාල වී ඇති බවයි සඳහන් වුණේ …

මේ ආදරණිය මව එම අවස්ථාව විස්තර කලේ මෙන්න මේ විදියට

”මම කලින් ටවුන් එකේ තමයි සැලුන් එක කළේ… මගේ පුතා පොඩි කලේ අනතුරකට ලක් වුණා… මගේ සැලුන් පැත්ත හන්දා. එයා හම්බුනාට පස්සේ මම සැලුන් එක ගෙදර කරගෙන ගියේ…එක දවසක් මගේ පුතා සැලුන් එකේ තිබුන කොන්ඩේ කපන කතුරක් අතට අරගෙන තිබුණා.. එතකොට එයාට වයස අවුරුදු එකහමාරයි.එයා කතුර දිගැරියා …සෙල්ලම් බඩුවක් කියලා හිතලා වෙන්න ඇති.එකෙන් එයාගේ ඇහැ තුවාල වූණා .අවුරුදු හයකට පස්සේ එයාගේ ඇහේ බද්ධ කිරීමක් කරා…සාර්ථකව

මේ වුණ දේත් එක්ක මන් මගේ අසාවල් වගේම ව්‍යාපාර පැත්තෙනුත් ගොඩක් කඩා වැටීමකට ලක් වුණා… අදටත් මන් පසුතැවෙනවා ඒක මගේ අත්වැරදීමකින් වුනාද කියන එක ගැන”

Previous articleඇස් පෙනීම වේගයෙන් අඩුවෙන්නේ ඇයි? වෛද්‍යවරුන් කියන හේතුව මෙන්න. දැන්ම පරිස්සම් වෙන්න
Next articleඇය නිදාගෙන ඉද්දි තමයි මේ de වෙලා තියෙන්නේ… ඇත්තටම මොන හිතකින්ද දෙවියනේ ඔහු මෙහෙම දෙයක් කළේ
error: Content is protected !!
Verified by MonsterInsights