Home Uncategorized හැමදාම බුදුන් වදිනකොට අපි තුන් වරක් ‘ සාධු ‘ කිව්වට ඇත්තටම සාධු...

හැමදාම බුදුන් වදිනකොට අපි තුන් වරක් ‘ සාධු ‘ කිව්වට ඇත්තටම සාධු කියලා කියන්නේ ඇයි කියලා හරියටම දැනගත්තේ අද..

0
210

 

දැන් විමසා බලමු මේ පුංචි “සාධු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්‍ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා.

“සාධු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාධු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාධුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාධු කියන්නේ ඇයි කියලා?

අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාධුකාරය දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට ‍පුළුවන්. මොකද මේ සාධුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාධුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නට යථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්‍රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ.

අදින් පසුව ඔබෙන් යමෙක් ඇසුවොත් බෞද්ධයින් ඇයි “සාධු” කියන්නේ? ඇයි ඒ උදවිය “සාධු” ලෙසින් තුන් පාරක් කියන්නේ?ඇයි අන්තිමට දීර්ඝ ලෙසින් “සාධු” ලෙසින් කියන්නේ? ඇයි හය හත් පාරක් සාධු කියන්නේ නැත්තේ?
ආදී නොයෙකුත් ගැටලුවලට අවබෝධයෙන් පිලිතුරු සපයන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ.

ඔන්න දැන් මේ “සාධුකාරය” තුන් වරක් හෝ හතර වරක් පවත්වන්නට හේතුවත් එයම තමයි. “සාධු, සාධු, සාධු, සා…ධු…” ලෙසින් යෙදෙන විට

1. පළවෙනි “සාධු” හඬින් අදහස් කරන්නේ “- කයෙහි සංවරභාවයයි”.
2. දෙවැනි “සාධු” හඬින් “- වචනයෙහි සංවරභාවයත්”
3. තෙවැනි “සාධු” හඬින් “- සිතෙහි සංවරභාවයත්”
4. හතරවෙනියට දීර්ඝ “සාධු” හඬ මේ ත්‍රිවිධ සුචරිතය පෙන්වීම පිණිසම

(ඒ කියන්නේ “සාධු සබ්බත්ථ සං‍වරෝ”ලෙසින් දැක්වූ “මේ සියලු තැන්හි සංවරය සුහද වූ සුචරිතවත් ගුණයයි” යන්න පෙන්වා දීමට යොදාගන්නවා.)

එසේ නම් “සාධුකාරය” එසේ මෙසේ නිකම්ම ඔහේ ඕනෑ තැනකදී කියන්න පුළුවන් අර්ථයක් නැති වචනයක් නෙවේ කියලා දැනටමත් බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. ඉතින් තවදුරටත් විමසා බලන්න මේ තුලින් කොතරම් නම් අපූරු හික්මීමක් තමන් තුල ඇතිකරගන්නට අපට හැකියාවක් ලැබෙනවාද කියලා.

එසේනම් පිංවත් ඔබ සියලු දෙනාම “සාධු” කියන පුංචි වචනය තුල ගැබ්වෙලා තියෙන විශිෂ්ඨ අර්ථය දැනගෙනම සාදුකාර දෙමු.

සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

තෙරුවන් සරණයි…!!!

 

Previous articleගෙදර දීම සාදාගත හැකි වෛද්‍යවරුන් පවා පුදුමකර වකුගඩුවල ගල් ඉවත්කරන විශ්මිත පානය
Next articleඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..
error: Content is protected !!
Verified by MonsterInsights