Home සයුරෙන් එහා පුවත් අද එයාලගේ දවසලු… ලොවක්ම ආදරේ කරන සද්ධන්ත පරපුරේ ආදරණීය ඇත්තන්ට අද නම්...

අද එයාලගේ දවසලු… ලොවක්ම ආදරේ කරන සද්ධන්ත පරපුරේ ආදරණීය ඇත්තන්ට අද නම් සුවිශේෂී දවසක්…! ඒ ගැන ඇසෙන කතාව මෙන්න

0
28

 

 

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ‘ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය’ අද (අගෝස්තු 12) යෙදී තිබේ.

අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු සඳසා අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එතැන් සිට මේ දක්වා වූ කාලය තුළ ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සැමරීම කරනු ලබයි.

සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව (IUCN) අද වනවිට අප්‍රිකානු අලි ‘අවදානමට ලක්විය හැකි’ ලෙසත් ආසියානු අලි ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ ලෙසත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත.

වර්තමානය වනවිට අප්‍රිකානු අලිඇතුන් ලක්ෂ 4ක් පමණද, ආසියානු අලිඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවටද ඇස්තමේන්තු කර තිබේ.

ඉන් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වනඅලි ගහනය 7,500ක් බව සඳහන්.

Previous articleකලා ලොවේ ආදරණීයම, කුරුලු ජෝඩුව… බලන්නකෝ කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා..
Next articleපුංචි දුවත් එක්කම ගිහින් අම්මාව පුදුම කරපු වත්සලා.. බලන්නකෝ ඒ ආදරේ…
error: Content is protected !!
Verified by MonsterInsights