Home දේශිය පුවත් පොලීසියේ සුර­ත­ල­යට ඇති­කළ “ටුටූ” oic ගමට ගෙන ගියත් කිලෝ­මී­ටර් 72ක් දුර ගෙවා...

පොලීසියේ සුර­ත­ල­යට ඇති­කළ “ටුටූ” oic ගමට ගෙන ගියත් කිලෝ­මී­ටර් 72ක් දුර ගෙවා ආපසු ඇවිත්…

0
150

 

රිදී­ගම පොලිස් ස්ථානා­ධි­පති නිල නිවසේ සුර­ත­ල­යට ඇති දැඩි කළ අවු­රුදු දෙක­හ­මා­රක් වයැ­සැති බළ­ලෙක් මාව­නැල්ල හෙම්මා­ත­ගම ප්‍රදේ­ශ­යට රැගෙන යාමෙන් පසුව එහි සිට කිලෝ­මී­ටර් 72 ක දුරක් ගෙවා ආපසු රිදී­ග­ම­ටම පැමි­ණීමේ සිද්ධි­යක් වාර්තා වෙනවා.

අවු­රුදු දෙක­හ­මා­රක් පමණ වය­සැති මේ බළල් සුර­ත­ලාගේ නම “ටුටූය”.

රිදී­ගම හිටපු පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත සුබ­සිංහ මහතා එහි රාජ­කා­රියේ නිර­තව සිටි­යදී ඉබා­ගාතේ තම නිල නිව­සට පැමිණි බළල් පැට­වකු සුර­ත­ල­යට ඇති­දැඩි කර ‘ටුටූ’ යනු­වෙන් නම තබා ඇත.

පසුව ඔහුට මන්නා­රම අඩ­ප්පම් පොලිස් ස්ථාන­යට ලද මාරු­වී­මක් සමඟ නිල නිව­සෙන් ඉවත්ව යාමේදී තම බඩු­බා­හි­රා­දිය සමඟ ‘ටුටූ’ නම් වූ තම බළල් සුර­තලා ද හෙම්මා­ත­ගම පිහිටි ඔහුගේ නිව­සට රැගෙන ගොස් තිබේ.

ඉන්ප­සුව සුබ­සිංහ මහතා තම රාජ­කාරි කට­යුතු සඳහා මන්නා­ර­මට පිටත්ව ගොස් සිටි­යදී නිව­සට රැගෙන ගිය බළල් සුර­තලා හදි­සි­යේම පසු­ගිය මස 6 වන දින නිව­සින් අතු­රු­ද­හන්වී ඇත.

ඉන් දින 22 කට පසුව පෙරේදා (27) දිනයේ ‘ටුටූ’ ආපසු තමන්ට හුරු­පු­රුදු පැරැණි නිව­හ­නවූ රිදී­ගම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ නිල නිවස වෙත පැමිණ ඇත.

මේ බළල් සුර­තලා හඳු­නා­ගත් පොලිස් නිල­ධා­රි­යකු ඒ පිළි­බ­ඳව සුබ­සිංහ මහ­තාට දැනුම් දී තිබේ.

හෙම්මා­ත­ගම සිට මාව­නැල්ල, රඹු­ක්කන, මාව­ත­ගම වැනි නගර පසු කර­මින් කිසිදු උප­ද්‍ර­ව­ය­කට ගොදුරු නොවී ටුටූ කිලෝ­මී­ටර් 72ක් වැනි ඉතා දිගු දුරක් ඉව ඔස්සේ මේ ආකා­ර­යට ආපසු රිදී­ග­ම­ටම නිරු­ප­ද්‍රි­තව පැමි­ණීම විශ්ම­ය­ජ­නක කරු­ණක් බව පොලිස් පරී­ක්ෂක සුබ­සිංහ මහතා පවසනවා.

නිසි පරිදි ආහාර නොලැ­බීම හේතු­වෙන් ටුටූ තර­මක් කෙට්ටු වී සිටින බව සදහන්.

Previous articleඩිලා ඕක මහා ගින්දරක්… කොහොම හරි හිත හදාගන්න බලපන්…” රටක් හඳුනන සංගීත කණ්ඩායමක නායකයෙකුගේ බිරිඳ නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගනී..
Next articleකලා ලොවේ ආදරණීයම කුරුළු ජෝඩුව, බිමල් – සුජානි එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights