සැත්කමකින් පසු කාන්තාවකගේ ශරීරයේ තිබී වීදුරු බෝතල් දෙකක් හමුවෙයි.. ඇස් අදහාගන්න බැරි ඒ කතාව මෙන්න..

0
1212

මේ කියන්න යන කතාව කාගේත් ඇස් මවිත වෙන කතාවක්. කාන්තාවකගේ ගර්භාෂයේ තිබී හමුවුණු දෙයක් ගැන ඇසෙන කතාවක්.

අධික ලේ වහනය වන බව පවසමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වූ කාන්තාවකගේ ගර්භාෂය තුළ තිබී වීදුරු බෝතල් දෙකක් ඉවත් කිරීමට මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් සමත්වී තිබෙනවා.

තමන්ට අධික ලෙස රුධිරය වහනය වන බව පවසමින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් ඉකුත් 09 වැනිදා මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබුණා. ඉකුත් 01 වැනිදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ සාදයක් පැවති බවත්, එම අවස්ථාවේ අධික ලෙස මත්පැන් පානය කර සිටි තමන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් දූෂණය කළ බවත් රෝහල් ගත වී ඇති කාන්තාව වෛද්‍යවරුන්ට පවසා සිටියා.

එම කාන්තාවගේ කුස තුළ බෝතල් දෙකක් ඇති බව ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ විට හඳුනා ගෙන ඇත. පසුව සිදුකරන ලද ශල්‍යකර්මයකදී එම බෝතල් දෙක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

කාන්තාව දූෂණය කළ බව කියන නාත්තන්ඩිය – පිලාකටුමුල්ල පදිංචිකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා අනුබල දුන් බව කියන කාන්තාවක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් ගත වී ඇති කාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ සේවකයන් දෙදෙනෙකුය. අත්අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරවිල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඉකුත් 01 වැනිදා පැවති සාදයේදී රෝහල් ගත වී සිටින කාන්තාව සහ පිරිමි පුද්ගලයන් දෙදෙනා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යයි.

අරුණ පුවත්පත ඇසුරෙන්..

Previous articleඅනේ මේ පුංචි මල් කැකුළ ගියේ තමන්ගේ සුරතලා වෙච්ච එළුවා බේරගන්න. ඒත් අවසානයේ වුණේ කවුරුත් නොහිතපු දෙයක්!
Next article“මේ ගෙවෙන මොහොත ආදරයෙන් ඉන්න.. ඒක හරි ලස්සනයි..” මොහොතින් මොහොත වෙනස් වෙන ජීවිතය ගැන ඇය ආදරයෙන් කියූ කතාව මෙන්න..