මහජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටුකළ දේශපාලනයේ ප්‍රබල චරිත ද්විත්වයක් ජීවන ගමනට සමුදෙයි..

මහජනතාව වෙනුවෙන් සේවාවන් රැසක් ඉටුකළ දේශපාලනයේ ප්‍රබල චරිත ද්විත්වයක් ජීවන ගමනට සමුදෙයි..

මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් එක් කණගාටුදායක පුවතක්.

අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීමට එස්. සී. මුතුකුමාරණ සමත් වූවා.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව හිටපු ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි කාලයක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බවටයි සඳහන් වෙන්නේ.

මියයන විට ඔහු හැටවන වියේ පසුවූවා.

Local Gossip