Home දේශිය පුවත් පුතු නික්ම යන ශෝකය දරාගත නොහැකිව මවක් අවසන් ගමන් යයි.. ගමක් සංවේගයෙන්...

පුතු නික්ම යන ශෝකය දරාගත නොහැකිව මවක් අවසන් ගමන් යයි.. ගමක් සංවේගයෙන් පිරවූ කඳුළු කතාවක් මෙන්න..

0
47

 

 

අම්මාගේ ආදරය කියන්නේ මේ ලෝකේ නොවෙනස් වෙන එකම ආදරය කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.

පුතුගේ නිසල සිරුර දුටු ඇය, මොන තරම් නම් සංවේදී වෙන්න ඇතිද? අවසානයේ පුතු ඒ නිවසින් නික්ම ගිය දවසේම මවත් ජීවිතය හැරදා ගිහින්.

මේ සංවේදී කතාව ඇසෙන්නේ කැකණදුර ප්‍රදේශයෙන්. දික්වැල්ල කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පති කසුන් කිත්සිරි, මෙලෙස නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත්තා.

ඔහු විද්‍යාලයේ සේවය කරමින් සිටින අතරතුරදී හදීසියේ ඇති වු හෘදයාබාධකින් මෙලෙස ජීවිතයෙන් සමුගත් අතර, ඒ මහතාගේ අවමංගල්‍ය උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වෙන අතරතුර දී ඔහුගේ ආදරණීය මෑණියන්ගේ හදීසී අභාවය ද සිදු වී වුණා.

මවගේ අවසන් කටයුතු අද දින කැකණදුර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවයි දැනගන්න ලැබෙන්නේ.

මේ ආදරණීය මවටත් පුතුගේ වියෝව දරා ගත නොහැකිව වන්නට ඇති මතු සසරක් වේ නම්, දෙදෙනාටම සංසාරයේ මුණගැසෙන්නට ලැබේවා.

Previous articleසරසවි සිහිනය යථාර්ථයක් කරගත් තරු අතර ඇය දිදුලන තාරකාවක්.. ජ’පුර ඉතිහාසයේ රන් පදක්කම් ලාභීන්ගේ වාර්තා අලුත් කළ වෛද්‍ය මහිමා..
Next article“ඇත්තම යි ඈ සතුටින්…රැජිනියනි…දීර්ඝායු වේවා” – ඔහු මුහුණු පොතට එක්කළ සටහන… – photos
error: Content is protected !!
Verified by MonsterInsights