Home සයුරෙන් එහා පුවත් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින්… ඊශ්‍රායල, ඉරාන දෙපාර්ශ්වයෙන්ම ගේම ඉල්ලලා…

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින්… ඊශ්‍රායල, ඉරාන දෙපාර්ශ්වයෙන්ම ගේම ඉල්ලලා…

0
59

 

 

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එබැවින් එම රටවල් දෙක කෙරෙහිම තමා සතුටු නොවන අතර විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි අප්‍රසාදය පලකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බෝම්බ හෙළීම නවත්වන ලෙසත් “ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසය.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “බෝම්බ හෙළන්න එපා” එය “මහා උල්ලංඝනයක්” ලෙසය.

නෙටෝ සමුළුව සඳහා ධවල මන්දිරයෙන් පිටව යන අතරතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට අසාමාන්‍ය අදහස් දැක්වීමක් සිදු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය ඔවුන් සිදුකරන්නේ කුමක්දැයි ඔවුන්වත් නොදන්නා බවයි.

“ඉරානය උල්ලංගනය කළ නමුත් ඊශ්‍රායලයත් උල්ලංගනය කළා. ඊශ්‍රායලය අපි ගිවිසුම් ඇතිකර ගත් වහාම ඔවුන් එළියට ඇවිත් බෝම්බ ප්‍රහාර එල්ල කළා. මම කවදාවත් දැකලා නැති තරම් ලොකුම ප්‍රහාරයක්. මම ඉරානය ගැන සතුටු නෑ. ඊශ්‍රායලය ගැනත් සතුට නෑ. මෙච්චර කාලයක් පුරා දෙපාර්ශවයම සටන් කරනවා. එගොල්ලෝම දැන් කරන්නේ මොකක්කද කරන්නේ කියලා. ඔයාට ඒක තේරෙනවා ද ?

Previous articleමේ දවස්වල රටක් කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
Next articleකාපු බීපු දේ උගුරට එන මේ ලෙඩේ ඔයාටත් තියෙද?
error: Content is protected !!
Verified by MonsterInsights