Home දේශිය පුවත් විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද...

විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද මේ වෙනුර එදිරිසිංහ කියන්නෙ ??

0
56

” අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට ආණ් ඩුවේ දේ ශපාලන පසුබිමත් එක්ක ජීවිතය අහි මි වෙනවා.

වෙනුර තමයි ඔහු උසස්පෙළ ලියපු අවුරුද්දේ BIO වලින් ලංකාවෙම පළවෙනියා. කොළඹ සරසවියට ඔහු එන වෙලාවෙත් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමට අදාළව ලොකු සැලසුමක් ක්‍රියාත්මක වුණා. වෙනුරලාගේ පරම්පරාව කොන්දේසි විරහිතව තමන් නොදැකපු අනාගත පරම්පරාවක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා. ඒ සටන දිනනවා.

වෙනුරව අත්අඩංගුවට ගන්නවා. වෙනුර මරණයට මොහොතකට පෙරත් ළඟ තිබ්බ බිත්තියේ ලිව්වේ “මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප සටන් වැදුනෙමු..! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා..! ” කියලා.

ඉතින් අද විබෝධට වගේම දහස් ගණන් දරුවන්ට ඒ අයිතිය ලැබෙනවා. “

Previous articleඑහෙම සම්බන්ධයක් අපි අතරේ නැ… ඇය කියන්නේ බොරු.. හර්ෂි රසාංගාට එරෙහිව භානුකගෙන් එන්තරවාසියක්..
Next articleදියවැඩියාවට, හන්දිපත් රුදාවට, වකුගඩු වල ගල් දියවීමට ඔසුවක් වූ අශෝක මල් පානය ගැන විශ්මිත හෙලිදරව්වක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights