Home සුව අරණ “බඩ අඩු කරන්න ඕනේද? ඉක්මනින් ප්‍රතිඵල දෙන සරල ක්‍රම ටිකක් මෙන්න!”

“බඩ අඩු කරන්න ඕනේද? ඉක්මනින් ප්‍රතිඵල දෙන සරල ක්‍රම ටිකක් මෙන්න!”

0
979

උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යායාම විතරක් කරලම මදි. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

අමු සුදු ළූණු අනුභවය කරන්න.පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙර අමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්යක්ෂම වෙනවා. සුදු බත් ආහාරයෙන් වැළකෙන්න.සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

හැකි පමණ ජලය පානය කරන්න.මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම. අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්) create a article

Previous articleඅයිෆෝන් එකක් හදන්න ස්ටීව් ජොබ්ස් පවා පුද්ගලිකව උදවු ඉල්ලු.. නාසා එක හොල්ලන ලංකාවේ විද්‍යාඥයා.. ආචාර්ය සරත් ගුණපාල..
Next article“ගෙරවීම නිසා නිදාගන්න බැරිද…නින්දෙන් ගෙරවීම නවත්වන ස්වාභාවික පානය මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights