Home දේශිය පුවත් අපිත් ඉල්ලුවා ප ගා වක්..හැබැයි මහජනතාව වෙනුවෙන්. මොනවා හම්බෙන්න ඇත්ද ?මෙහෙමත් දේවල්...

අපිත් ඉල්ලුවා ප ගා වක්..හැබැයි මහජනතාව වෙනුවෙන්. මොනවා හම්බෙන්න ඇත්ද ?මෙහෙමත් දේවල් උනාද මීට කලින් ලංකාවේ ?

0
159

“ අපේ ලංගම බස් රථ බලඇණිය අපි ක්‍රමිකව නවීකරණ කරගෙන යනවා. පහුගිය දවස් වල ආවා ආබා ධිත පුද්ගලයන්ටත් නගින්න පුලුවන් පතුල පහත් බස් රථ 10ක්. තව 100ක් විතර එනවා ලංගම යටතේ ස්ථාපිත කරපු මෙට්‍රෝ බස් රථ සමාගමට. ජූලි වගෙ එනවා, අගෝස්තු වෙනකොට බස් ටික පාරට දාගන්න පුලුවන්.

ඔය 100 ඇතුලට නොකියපු කතාවක් මං කියන්නම්. මෙච්චර ඔය ලොකු ගණුදෙනු වෙනකොට කොහොමද ඔය ගනුදෙනු උනේ කියල පොඩි අදහසක් ගත්තැහැකි. ගෙන්නපු පතුල පහත් බස් රථයක වටිනාකම මිලියන 42ක් පමණ වෙනවා. අපි ඔක්කොම ටෙන්ඩර් ගනුදෙනු ඉවර වෙලා ඒ හිමි සමාගමත් එක්ක සාකච්ඡා කලා.

“ඔගොල්ලන්ට ඇමති කතා කරලත් නැ, නියෝජ්‍ය ඇමති කතා කරලත් නෑ, අහවල් දේ දෙන්න ඉල්ලලත් නැ, ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න, නියෝජ්‍ය ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න කියලා සතයක් ඉල්ලලා නැ. ටොපියක්වත් ඉල්ලලා නැ. හැබැයි මේ සල්ලි ගේන්නෙ ඔගොල්ලොම ජීවත් වෙන ලංකාවෙ මිනිස්සු වෙනුවෙන්, අපිට මොනවද දෙන්න අමතරව දෙන්න පුලුවන් නිකන්” කියල අපි ඉල්ලුවා කතා කරලා. “ඔගොල්ලන්ට බස් රථ 100ක ගනුදෙනුවක් එනවා, අපිට නිකන් ඕනෙ මොනාහරි දෙයක්” කියලා ඉල්ලුවා.

වෙනදා ඉල්ලන්නෙ ඒ ඇමතිගෙ ගෙදරට, නැත්තම් අදාල කට්ටියට පගාවක් ඉල්ලන්නෙ. අපිත් ඉල්ලුවා ප ගාවක්. මොකද්ද ප ගාව, රජයට දෙන්න නිකන්. මොනවා හම්බෙන්න ඇත්ද.. මේක කවුරුත් දන්නෙ නෑ තාම.

බස් එකක වටිනාකම ලක්ශ 420යි. අපි ඉල්ලුවා බස් දෙන්න කියලා නිකන්. බස් 4ක් නිකන් දෙන්න එකග වෙලා තියෙනවා. ඉතින් හිතාගන්න කලින් ගනුදෙනු කොහොම වෙන්න ඇතිද කියලා. ඉතින් එහෙමයි මේ ආයතන දුවන්නෙ. පරණ දුවපු විදිහ නෙමෙයි. ඒ විශ්වාසෙ ඕගොල්ලො තියාගන්න. අපි ඒ කියපු දේ ශපාලන සංස්කෘතිය වෙනස් කලා මාසෙන් දෙකෙන්. ”

* සටහන නියෝජ්‍ය ප්‍රවාහන ඇමති ප්‍රසන්න ගුණසේන විඩියෝවක් ඇසුරින් *

Previous articleරුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම වලකන ගොරකා
Next articleShow එකක්ද? වරදක්ද ? පිඹුරා සමග නටපු කුමරියට වෙන්න යන්නේ මොකද්ද ?ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights