ඒ දෙන්නාගේ ලෝකයම හැඩකරපු පුංචි කෛලාෂ් අද පුතා සීයා බලන්න ගිහින්….
අද වෙනකොට සීයා ජීවතුන් අතර සිටියා අවුරුදු 67ක්…
ඒ ගමන ගැන මාධවී තබපු සටහන තමයි මේ…
“සකල කලා සක්විති” අප්පච්චිට දෙන්න මීට වඩා හොඳ තෑග්ගක් අපි දන්නෙ නෑ..
කෛලාෂ් පුතා දවසක අප්පච්චිව ආඩම්බර කරාවි.
ලෝකෙට වැඩදායක හරවත් මිනිසෙක් විදිහට ජීවත් වේවි.
මාත් කසුනුත් පුතාට මඟ පෙන්නන්නම්. ජීවිතේ නොවැටී ඉන්න නෙවෙයි, වැටුනත් හිටියට වඩා ශක්තිමත්ව නැගිටලා අප්පච්චි කිව්වා වගේ පරිස්සමෙන් මේ වනන්තරේ ගමන් කරන්න පුළුවන් වෙන්න උර දෙන්නම්.
එයා එයාට ලැබුනු තලෙන්තු නාස්ති නොකර, වලදාලා හංගන්නෙ නැතුව, වැඩි වර්ධනය කරගන්න පුතෙක් වේවි අප්පච්චි…
සුබ උපන්දිනක් මගෙ දෙයියෝ…”












