Home සයුරෙන් එහා පුවත් අපි හැමෝටම ඔයාව ගොඩක් මතක් වෙයි…” සිය සගයා ඩියෝගෝ ජෝටා වෙනුවෙන් රොනාල්ඩෝ...

අපි හැමෝටම ඔයාව ගොඩක් මතක් වෙයි…” සිය සගයා ඩියෝගෝ ජෝටා වෙනුවෙන් රොනාල්ඩෝ තැබූ සංවේදී සටහන…

0
40

 

ඒ අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ අද අළුයම කාලයේයි,

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගියා.

මෙම අනතුර සිදුව තිබුණේ අද අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දී.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබු අතර ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන්..

ඩියෝගෝ ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමග පසුගිය ජුනි 22 වනදා විවාහ වී තිබුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.

මේ අතර ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සංවේදී සටහනක් තබා තිබුණා.

ඒ, ඩියෝගෝ ජෝටාගේ පවුල වෙත සිය ශෝකය පළකරමින්.

Previous articleකෝටි දෙසීයක සල්ලි පලහිලව්වට මැදිවුණු ලොවම ආදරේ කරන අපේ ජැකලින්ට ලැබුණු තීත්දුව..
Next articleඉන්දියානු පන්නයට වැඩ වුනු හැමෝම ආදරේ කරන දසුනිගේ ලස්සන බලන්නකෝ..? එයාලත් කරකාර බැඳලද ?
error: Content is protected !!
Verified by MonsterInsights