මුළු රටේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා, අද ඇගේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම පරිච්ඡේදය ආරම්භ කරලා.
ඒ ඇගේ කුලුඳුල් දියණියගේ අහිංසක රුව පළමු වරට ලෝකයට හෙළි කරමින්.
සේයාරු කිහිපයක් අඩංගු වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කරමින් තිසුරි පවසන්නේ, පුරා මාස දහයක් තමන්ගේ හදවත යට ජීවත් වූ ඒ ආදරණීය ආශ්චර්යය ඇගේ දෑතට පැමිණ ඇති බවයි.
තම දියණියට ඇය “මෝවානා” (Moana) ලෙස නම් තබා තිබේ. “අද මම මගේ දෑතින් දරාගෙන ඉන්නේ මගේ ජීවිතයේ වටිනාම ආශ්චර්යයයි” යනුවෙන් ඇය අතිශය හැඟීම්බරව පවසනවා.
“අම්මයි තාත්තයි ඔයාට සදහටම ආදරෙයි..” යනුවෙන් පවසමින් තිසුරි තැබූ මෙම සටහනට කලාකරුවන් සහ රසිකයින් දහස් ගණනින් මේ වන විටත් සුබ පැතුම් එක් කරමින් සිටිනවා.
තිසුරිගේත්, ඇගේ සැමියාගේත් කැදැල්ලට පැමිණි මේ පුංචි දේවදූතී ඇගේ ජීවිතයේ සොඳුරුතම ආශ්චර්යය බව නොඅනුමානයි…
















