මොනවද මේ කරල් දූරියන්..? ඒ රස නම් කියලා නිම කරන්න බැ…

මොනවද මේ කරල් දූරියන්..? ඒ රස නම් කියලා නිම කරන්න බැ…

දූරියන්, මේ දවස්වල සුලබව දකින්න ලැබෙන පළතුරක් විදිහට හදුන්වන්න පුළුවන්…

ඇතැමුන්ට දූරියන් මිහිරි පලතුරක් වුණත්, තවත් කෙනෙකුට එහි ඇති අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරනවා.

හැබැයි මේ කියන්න යන්නේ දුරියන් ගැන නම් නෙමෙයි.ඊට සමාන නමක් තියෙන කරල් දූරියන් ගැන.

ඒත් කරල් දූරියන්- දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ…

මේ කරල් දූරියන් ගැන මුහුණු පොතෙන් උපුටාගත් සටහනක්…

දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ..

ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී..

මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා..

අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans කියලයි..

මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඒ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක නිකන් කඩල වගේයි.

කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා…

කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්ම නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා…

ආතරයිටීස්, රක්තවාතය වගේ ලෙඩ වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ…

මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ…

අපට නුහුරු පලතුරක් වන මෙය හපුතලේ දඹේතැන්න වැනි ප්‍රදේශ වලින් හමු වේ.මෙය විටමින් A, විටමින් B1 සහ B2, විටමින් C අඩංගු වන පලතුරකි.

Uncategorized