🔴 – “පහසුකම් ඉල්ලන මුවින්ම විනාශය වපුරන ජාතියක ශාපය.” 👇
🔰- මහජන මුදලින් ඉදිවන පොදු දේපළ සුරැකීම පුරවැසි වගකීමක් වුවද, ඇතැම් පුද්ගලයන්ගේ නොමිනිස් ක්‍රියා හේතුවෙන් එම වගකීම අද වන විට බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.
🔰- ඒ සඳහා වන කණගාටුදායක පුවතක් වාර්තා වන්නේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයෙනි.
🔰- 08 වැනිදා මහජන අයිතියට පත් කරන ලද නවීන වැසිකිළි පද්ධතිය, විවෘත කර දිනක් ගතවීමටත් පෙර කිසියම් පිරිසක් විසින් දැඩි ලෙස විනාශ කර දමා ඇති අයුරු අද පෙරවරුවේ දැකගත හැකි විය.
🔰- නවීන පහසුකම්වලින් සමන්විතව ඉදි කළ මෙම පද්ධතියේ සවිකර තිබූ ජල කරාම (Taps) ගලවා විනාශ කර ඇති අතර, වැසිකිළි පද්ධතිය කිසිවකුට යානොහැකි පරිදි ඉතාමත් අපිරිසිදු තත්ත්වයට පත් කර ඇත.
🔰- දිනක් ඇතුළත සිදු වූ මෙම විනාශය හේතුවෙන් එහි පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
🔴- මහජනතාව දැක්වූ අදහස්👇
📢 “මේවාට යනවා තියා හිතන්නවත් බෑ දැන් තියෙන තත්ත්වය එක්ක. හදලා දවසයි, ඒත් බලන්න කරලා තියෙන විනාශය. මේක මහජනතාවගේම වැරැද්දක්. අපේ දේවල් රැකගන්න දන්නේ නැති මිනිස්සු කොට්ඨාසයක් තාමත් ඉන්නවා.”
📢 තවත් මගියෙකු පැවසුවේ, “Tap හිටන් කඩලා දාලා තියෙන්නේ. මෙච්චර වියදම් කරලා පහසුකම් හදලා දෙන්නේ අපේම ප්‍රයෝජනයට නම්, ඒවා මේ වගේ විනාශ කරන එක ඇත්තටම පහත් වැඩක්” යනුවෙනි.
🔴- මෙවැනි සිදුවීම් හරහා පෙන්නුම් කරන්නේ රටක් ලෙස භෞතික සම්පත් දියුණු වුවද, ඇතැම් පුද්ගලයන්ගේ ආකල්පමය දියුණුවක් සිදු නොවී ඇති බවයි. මහජන මුදලින් ඉදි කරන ලද මෙවැනි සම්පත් විනාශ කරන පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම, මින් ඉදිරියට හෝ පොදු දේපළ රැකගැනීමට ජනතාව උනන්දු වීම අත්‍යවශ්‍ය කරුණකි.
Disclaimer: The images and information presented in this article are for public awareness purposes only. They aim to highlight the urgent need for civic responsibility and the preservation of public property. The visual representations include creative reconstructions to illustrate the reported vandalism at the Colombo Central Bus Stand.










