කොට්ටාව ප්‍රදේශයේ ආර්යුවේද සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගනිකා මඩම් තුනක් වටලා කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලන් දෙදෙනෙකු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 21ත් 35ත් අතර වයසේ පසුවන පිරිසක්.
අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයින් දෙදෙනා අදාළ සම්භාහන මධ්‍යස්ථානවල කලමනාකරුවන් බව සඳහන්.
ගනිකා සේවයේ යෙදුනු මෙම කාන්තාවන් රත්නපුර, ගලෙන්බිඳුනු වැව,පොලොන්නරුව වැනි දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.
මෙම සම්බාහන මධ්‍යස්ථානය පැය 24 පුරාම පවත්වාගෙන ගොස් ඇති අතර රාත්‍රි කාලයේ දී ගනිකා සේවය වැඩි වශයෙන් සිදුකර තිබෙන බව සඳහන්.
මෙම ගනිකා ජාවාරම සම්බන්ධයෙන් කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද ඇමතුමක් මත මෙම සම්භාහන මධ්‍යස්ථාන වැටලිම සදහා අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා.
ලබාගත් වරෙන්තුව පරිදි මෙම මධ්‍යස්ථාන වැටලීමේදී ඒ මොහොතේද ගනිකා සේවය ලබා ගැනිමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු සිට තිබෙන බව සදහන්.
අත්අඩංගුවට පත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති අතර රුපියල් 5000,10000, ආදී මිල ගණන්වලට කාන්තවන් අලෙවි කර තිබෙන මෙම සම්භාහන මධ්‍යස්ථානවල අයිතිකරුවන් සොයා පොලිසිය පරික්ෂණ ක්‍රියාත්මකයි.










