Home දේශිය පුවත් “හොඳ පැත්ත වගේම තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක බෙදා...

“හොඳ පැත්ත වගේම තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක බෙදා ගන්නවා නම්,” රිද්මා කියන ඒ කතාව මොකක්ද..

0
102

 

මේ කියන්න යන්නේ කවුරුත් ආදරය කරන තවත් සුරූපී චරිතයක් වුණු ඇය ගැනයි.. ඇය නමින් රිද්මා පිලපිටිය..

රිද්මා කියන්නේ කලාවට සම්බන්ධ චරිතයක් වුණත්, ඇය මේ වෙනකොට කලාවෙන් ඈත්වෙලා ඉන්නේ බිරිඳ, මව කියන භුමිකාවලට ඇය ආදරය කරන නිසායි.. කොහොම වුණත් කාලෙකට පස්සේ ඇය මෙන්න මේ විදිහට රිද්මා ගැන තොරතුරු ඇගේ රසිකයින් වෙනුවෙන් කියලා තිබුණා..

රිද්මා කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් කැමැති වුණේ නෑ නේද?

ලබපු ජයග්‍රහණත් එක්කමයි මට කලාවට ආරාධනා ලැබෙන්නේ. ගෙදරින් කැමැති වුණෙත් නැහැ මං කලාවට සම්බන්ධ වෙනවට. මුලින්ම සම්බන්ධ වුණේ ඉන්ද්‍රචාප ටෙලි නිර්මාණයට. ඊට පස්සේ දෙවනි තාත්තා. දෙවනි තාත්තා කියන්නේ අපේ පවුලට සුවිශේෂී නිර්මාණයක්. මම, රොෂාන්, රාහුල් පුතා වගේම රොෂාන්ගේ අම්මාත් එහි රංගනයෙන් දායක වුණා. ඒ අතරේ මියුසික් වීඩියෝවලටත් පෙනී ඉන්න අවස්ථා ලැබුණා. පුංචි පුතාගේ ඉපදීමත් එක්ක එයාගේ වැඩවලට මුල්තැන දුන්න නිසා මං කලා කටයුතුවලින් ඈත් වුණා. මේ වෙද්දි මගේම කියලා යූටියුබ් නාළිකාවක් කරගෙන යන අතරේ මාර්කටින් කන්ටෙන්ට් ක්‍රිෙය්ටින් සම්බන්ධයෙන් තවත් ආයතන කිහිපයක් එක්ක වැඩ කරනවා.

පුංචි පුතුගේ පැමිණීමත් එක්ක ජීවිතේ ලොකු වෙනසක් වෙලා නේද ?

අනිවාර්යයෙන්ම. පුංචි පුතා රාහුල් තමයි අපට වාසනාව ගෙනාවේ. එයා ආවත් එක්ක අපි දෙන්නගෙ ජීවිතේ තවත් ලස්සන වුණා. එයා තමයි දැන් අපේ හැමදේම. දැන් පුතාට අවුරුදු 6යි. පළමු වසරේ ඉගෙන ගන්නවා. එයත් කලාවට සම්බන්ධයි. අපිත් එක්ක ටෙලි නිර්මාණවලටත් සම්බන්ධ වෙලා තියෙනවා.

රොෂාන් වගේ ජනප්‍රිය කලාකරුවෙක් සහකරුවා කරගනිද්දි බයක් හිතුණේ නැද්ද?

ජනප්‍රිය කෙනෙක් විවාහයට තෝරගනිද්දී ඕනෙම කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි. බොහෝ දෙනෙක් ආදරය කරන කාලේ පෙන්නන්නේ තමන්ගේ හොඳ පැත්ත විතරයි. ඒකම තමයි එක වහලක් යටට ගියාම ප්‍රශ්න ඇතිවෙන්න හේතුව විදිහට මං දකින්නේ. යාළුවෙලා ඉන්න කාලෙම තමන්ගේ හොඳ පැත්ත වගේම තමන්ගේ දුර්වලකම්, අඩුපාඩු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය එක්ක බෙදා ගන්නවා නම් ඔය ප්‍රශ්නෙ එන්නෙ නැහැ. තමන්ට ඊර්ෂ්‍යාව දැනෙනව නම්, තරහ යනව නම් ඒ කාලෙම ඒක පෙන්නන්න ඕන. එතකොට දෙන්නගෙම සැබෑ රූපය ගැන දෙන්නට අවබෝධයක් තියෙනවා. එහෙම නොදැන හිටියම තමයි විවාහ වුණාට පස්සේ ඒවා දැක්කම ප්‍රශ්න ඇති වෙන්නේ. එතැනදී තමයි ඉස්සර යාළුවෙලා හිටපු කෙනා නෙවෙයිනෙ දැන් ඉන්නෙ කියන චෝදනාව එන්නෙ. අපි දෙන්නට දෙන්නා අපි දෙන්නගෙ හොඳ දේවල් වගේම දුර්වලකම් ගැනත් අවබෝධයක් ඇතුවයි විවාහ වුණේ. ඒ නිසා එදා හිටපු අපිම තමයි අදටත් ඉන්නේ කියල මට හිතෙනවා.

රොෂාන්ගෙන් ගෙදර වැඩවලට ලැබෙන සහාය ගැන කතා කළොත් ?

එයාට විවේකයක් ලැබුණම අපිත් එක්ක ගත කරන්නයි එයා කැමති. ගෙදර ඉන්නව නම් අනිවාර්යයෙන්ම ගෙදර වැඩවලට උදවු වෙනවා. මං කිව්වෙ නැතත් ඔහු මට උදවු කරනවා

Previous articleහවුස් ෆුල් එකේ ප්‍රධාන නිළිය බිත්තර 18ක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා… නමුත් මේ නිළිය ලොකේෂන් එකට එන්නෙ 11ට
Next article“මම ඉන්නෙ සැනසීම කියන දේ ජීවිතේ මුලික අවශ්‍යතාවක් බවට පත්කරගෙන..” කවුරුත් ආදරය කරන අභී මේ හොයන සැනසීම මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights