සුපිරි නිළි රශ්මිකා මන්දනා අපහසුතාවයට පත්කරපු ඉන්ද්‍රජාලික ක්‍රියාවක් ගැන ඉන්දියාවෙන් ඇහෙන් මේ කතාව මොකද්ද ?

සුපිරි නිළි රශ්මිකා මන්දනා අපහසුතාවයට පත්කරපු ඉන්ද්‍රජාලික ක්‍රියාවක් ගැන ඉන්දියාවෙන් ඇහෙන් මේ කතාව මොකද්ද ?

 

 

රශ්මිකා මන්දනා ඉන්ද්‍රජාලික ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න ක්‍රියාත්මක වෙලා තිබෙනවා…

මේ කියන්න හදන්නේ ඒ ගැනයි…

සජීවී ප්‍රසංගයක් අතරතුර ඇයගේ කැමැත්තෙන් තොරව ඇයට අපහාස වන අයුරින් අනුකරණයක් කළ බවට චෝදනා කරමින් නිළි රශ්මිකා මන්දනා ඉන්ද්‍රජාලික රනුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා…

මෙම නිරූපණයෙන් රශ්මිකා දැඩි ලෙස කලබල වූ බවත්, එය ගෞරවනීය සීමාව ඉක්මවා ගිය බවත්, ඇගේ පෞද්ගලික ගෞරවය උල්ලංඝනය කළ බවත් ආරංචි මාර්ග පවසනවා…

තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහාත් එවැනි ක්‍රියාවන් නැවත සිදු නොවන බවට සහතික කිරීම සඳහාත් මෙම දැඩි නීතිමය ස්ථාවරයක් ගන්න ඇය ඉදිරිපත් වෙලා..

එම වැඩසටහනේ මැජික්කරුවා විසින් මුලින් රශ්මිකාගේ ජායාරූපයක් පෙන්නා පසුව එය දෙකට නවා ඒ තුලින් බොරු කොණ්ඩයක් (විග්) එකක් එලියට ගෙන තිබෙනවා.

ඉන් පසු නැවතත් ෆොටෝ එක දිග හැර පෙන්වන අතර එහි දී ඇය හිසකෙස් නොමැතිව සිටින ආකරයට ව්‍යාජව විකෘති කර පෙන්වා තිබෙනවා…

මේ සිදුවීම නිසා ඇය ඉතාමත් අපහසුතාවයට පත් වෙලා…

මෙම සිදුවීම උපහාසයේ සදාචාරාත්මක සීමාවන් සහ විනෝදාස්වාද අරමුණු සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටිය හැකි ප්‍රමාණය පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කර තිබෙනවා….

World Gossip